ශරීරයේ බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වන බීම වර්ග
Monday, 14 October 2019 - 15:00 | Views - 6,217
කාර්යබහුල ජීවන රටාවත් එක්ක ව්‍යායාම කිරීම ආහාර පාලනය කිරීම කියන්නේ තරමක් අපහසු කාර්යක්. ඒ වගේම අද වන විට බොහොමයක් තරුණ පිරිස් මත්පැන් භාවිතයට හා වැරදි ආහාර පුරුදු වලට හුරු වීම නිසාවෙන් අක්‍රමවත් පරිවෘත්තීය ක්‍රියාවන්ට බිලි වෙලා. ඉතින් ඔන්න මේ හේතු කාරණා සැලකිල්ලට අරගෙන අද අපි ඔබට කියන්න යන්නේ අහාර ජීර්ණය වැඩිදියුණු කරන වගේම ඔබේ බරත් අඩු කර ගන්න උපකාරී වන බීම වර්ග කිහිපයක් ගැන. ඇත්තටම මෙම බීම වර්ග බර අඩු කරනවා වගේම ඔබට ඔබේ ශරීරයේ ශක්ති මට්ටමද වැඩි කර ගන්න පුළුවන්.

මිදී හා දෙළුම් මිශ්‍ර පානය

මිදී හා දෙළුම් වෙන වෙනම ගෙන හොඳින් බ්ලෙන්ඩර් කර වීදුරුවකට දමා ගන්න.පසුව එයට මීපැණි තේ හැන්දක් හා අවශ්‍ය පදමට ලුණු ස්වල්පයක් එක් කොට හොඳින් මිශ්‍ර කර ගන්න.
මෙලෙස සාදා ගත් පානය ඔබගේ ශරීරයට කිහිප ආකාරයකින්ම වැදගත් වන අතර ඒ සෑම දෙයකින්ම ඔබගේ බර අඩු කර ගැනීමේ හැකියාව ඔබට ඇත. ගුද මාර්ගයේ බර අඩු කිරීමට මෙන්ම,ඔබගේ ශරීරයේ ඉන්සියුලින් මට්ටම පාලනය කිරීමටත්, රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම පාලනයටත් මෙම මිදී හා දෙළුම් මිශ්‍ර පානය ඔබට උපකාරී වන අතර, මේ සෑම දෙයකින්ම ඔබේ බර අඩු කර ගැනීමට ඔබට පුළුවන.

අන්නාසි පානය


අන්නාසි පොඩියට කෑලි කපා හොදින් බ්ලෙන්ඩර් කර වීදුරුවකට දමාගත් පසු එයට කුරුඳු කුඩු තේ හැන්දක්, දෙහි යුෂ හා ලුණු අවශ්‍ය ප්‍රමාණයට එක් කොට හොදින් මිශ්‍ර කර ගන්න.
මෙම අන්නාසි පානයෙහි අඩංගු අන්නාසි වල ඇති Bromelain බොහෝ විට රුධිර කැටි ගැසීම වලක්වන අතර, කුරුඳු මගින් ශරීරයේ ග්ලුකෝස් මට්ටම පාලනය කරනු ලබයි.එමෙන්ම දෙහි යුෂ ඔබගේ ශරීරය පුරා ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර ඔබගේ බර පාලනයට මග පෙන්වයි.

දෙහි හා ඉඟුරු මිශ්‍ර පානය

කුඩාවට කපා ගත් ඉඟුරු හොදින් බ්ලෙන්ඩර් කර ගෙන වීදුරුවකට දමා ගන්න. පසුව එයට සීතල වතුර කෝප්ප භාගයක් හා දෙහි යුෂ අවශ්‍ය පදමට එක්කොට හොදින් මිශ්‍ර කර ගන්න.
මෙහි අඩංගු ඉඟුරු බඩේ දැවිල්ලට,ආමාශ රෝග වලට, මෙන්ම හෘද රෝග,ඉරුවාරදය වැලක්වීමට ඔබට උපකාරී වන අතර , දෙහි ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ශරීරයේ බර පාලනය කරනු ලබයි.

චොක්ලට් මිශ්‍ර කෝපි පානය


චොක්ලට් පවුඩර් හැන්දක් මිශ්‍ර කෝපි කෝප්පයක් පානය කිරීම මගින් ඔබේ බර අඩු කර ගැනීමට ඔබට හැකි වන අතර කෝපි වල අඩංගු කැෆේන් ඔබේ බර අඩු කර ගැනීමට උපකාරී වනවා වගේම චොකලට් සංස්ලේෂණය, ආහාර දිරවීම හා මේද අම්ලය අවශෝෂණය කිරීමට ඔබට වැදගත් වනවා.ඉතින් මෙන්න මේ සියලු ප්‍රති ලාභයන් හේතුවෙන් ඔයාගේ බර අඩු කර ගන්න ඔයාට පුළුවන්.

මින්ට් සහිත කොළ තේ

මින්ට් කොළ දමා තම්බා පෙරා ගත් මින්ට් වතුර කෝප්පයකට කොළ තේ එක් කොට මිනිත්තු 5ක් පමණ තිබෙන්නට හැර එය පෙරා පානය කරන්න ඔබට හැකියි.
මෙහි අඩංගු මින්ට් ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන බැවින්, සිරුරේ සියලු අසාත්මිකතා දුරලා සාමාන්‍ය සීතලෙන් ඔබව ආරක්ෂා කරනු ලබයි.එමෙන්ම කොළ තේ වල අඩංගු මේද Catechin ඔබගේ බර පාලනයට උපකාරී වේ.

පිපිඤ්ඤා සහිත උළුහාල් පානය

උළුහාල් මිටක් ගෙන එය උණු වතුරට දමා තම්බා ගන්න. පිපිඤ්ඤා කුඩා කැබලි වලට කපා ගෙන හොදින් බ්ලෙන්ඩර් කර ගෙන වීදුරුවකට දමා ගන්න. දැන් එයට තම්බා පෙරා ගත් උළුහාල් වතුර ටික එක් කර පදමට ලුණු දමා මිශ්‍ර කර ගන්න.
මෙහි අඩංගු උළුහාල් ඔබේ ග්ලුකෝස් මට්ටම පාලනය කර පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කරයි. පිපිඤ්ඤා ශරීරයේ විෂ පිට කිරීමට උදවු වන අතර මෙමගින් සෘජුව හෝ වක්‍රව ඔබේ බර අඩු කර ගැනීමට ඔබට හැකියාව ඇත.

පොල්වතුර සහිත මහදුරු අන්නාසි පානය

බ්ලෙන්ඩර් කර ගත් අන්නාසි යුෂ වලට පොල් වතුර හා මහ දුරු කුඩු ස්වල්පයක් එක් කොට පදමට ලුණු එක් කර පානයට ගත හැකි අතර පොල් වතුර ඔබේ බර අඩු කර ගැනීමට උපකාරී වනවා සේම වකුගඩු ක්‍රියාකාරිත්වයට ද බෙහෙවින් ගුණ දායක වේ. අන්නාසි මගින් ඔබේ ශරීරයේ රුධිරය කැටි ගැසීම වලක්වන අතර මහ දුරු අවශෝෂණ ක්‍රියාවලියට ඔබට විශාල දායකත්වයක් ලබා දෙයි. මෙම පානය ඔබගේ ශරීර බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වේ.

සැල්දිරි සහිත ඇපල් සයිඩ විනාකිරි පානය.

බ්ලෙන්ඩර් කර ගත් සැල්දිරි යුෂ වීදුරුවකට ඇපල් සයිඩ විනාකිරි තේ හැන්දක් එක් කොට, එයට ගම්මිරිස් ස්වල්පයක් මිශ්‍ර කර සාදා ගන්න.
මෙහි අඩංගු සැල්දිරි ආහාර අවශෝෂණයට ඔබට උපකාරී වන අතර ඔබේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටද ඔබට වැදගත් වේ, එමෙන්ම ඇපල් සයිඩ රුධිර සීනි මට්ටම පාලනය කරන අතර ගම්මිරිස් මේදය පාලනය කර බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වේ.

තක්කාලි

තක්කාලි බ්ලෙන්ඩර් කර එම තක්කාලි යුෂ වීදුරුවකට දමා ලුණු හා දෙහි යුෂ පදමට දමාගෙන මිශ්‍ර කර පානයට ගන්න. මෙම පානයේ අඩංගු තක්කාලි දියවැඩියාව,අධි රුධිර පීඩනය,තරබාරු බව දුරලීමට ඔබට ප්‍රයෝජන වන අතර, දෙහි ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර බර අඩු කර ගැනීමට ඔබට දායක වේ.

මීපැණි හා දෙහි යුෂ මිශ්‍ර පානය

දිනපතා උදෑසන වතුර කෝප්පයකට මීපැණි හැන්දක් හා දෙහි යුෂ ස්වල්පයක් එක් කොට පානයට ගන්න. මෙමගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු වනවා මෙන්ම ඔබේ ශරීරයේ සමබරතාව පවත්වා ගැනීමටත් බර අඩු කර ගැනීමටත් ඔබට හැකියාව ඇත.

බොකුටු ගෝවා සහිත ඇපල් සයිඩ පානය

වතුර ස්වල්පයක් එක් කොට බොකුටු ගෝවා හොදින් බ්ලෙන්ඩර් කර එය වෙනම පෙරා වීදුරුවකට දමා එයට් ඇපල් සයිඩ තේ හැන්දක් හා ලුණු ස්වල්පයක් එක් කොට හොදින් මිශ්‍ර කර පානයට ගන්න.
මෙම පානය මගින්ද ඔබේ සීනි මට්ටම පාලනය කර තරබාරු බවෙන් ඔබට මිදීමට හැකිය.

තිරිඟු සහිත මිදී පානය

තිරිඟු හොදින් බ්ලෙන්ඩර් කර එයට වතුර එක් කොට මිදී යුෂ හා ලුණු පදමට එක් කර ගනිමින් හොදින් මිශ්‍ර කර පානයට ගන්න. මෙම පානය ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන අතර රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමටද ඔබට උපකාරී වේ. එමගින් ඔබේ බර අඩු කර ගැනීමේ හැකියාවක් ඇත.

මෝරු සහිත සෝයා කිරි පානය

මේද රහිත කිරි කෝප්පයකට මෝරු තේ හැන්දක් හා සෝයා හැන්දක් එක් කොට හොදින් මිශ්‍ර කර පානයට ගන්න. මෙහි අඩංගු මෝරු සංඝටක අනුව ඔබේ මාංශ පේශි ශක්තිමත් කිරීමට මෙන්ම හෘද රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමටත් ඔබේ බර අඩු කර ගැනීමටත් මෙය ඔබට සහාය වේ.එමෙන්ම සෝයා දියවැඩියාව පාලනය කරන හෙයින් ඔබේ බර තවත් අඩු කර ගැනීමට ඔබට හැකියාව ඇත.

මේපල් ශිරප් සහිත ලෙමන් යුෂ පානය

ලෙමන් යුෂ වීදුරුවක් සාදා එයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් හා මේපල් ශිරප් තේ හැදී භාගයක් එක් කොට හොදින් මිශ්‍ර කර පානයට ගන්න.
මෙම පානය මගින් ඔබට බර අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා සේම ආතරයිටිස් වලින්ද ඔබව ආරක්ෂා කිරීමේ විශාල බලයක් ඇත. දියවැඩියාව පාලනයටත්,ප්‍රජනන ආබාධ වලින් වැලකීමටත් මෙම පානය ඔබට ගුණ දායක වේ.

කුරුඳු කුඩු මිශ්‍ර ගස්ලබු පානය

බ්ලෙන්ඩර් කර ගත් ගස්ලබු යුෂ වීදුරුවකට කුරුඳු කුඩු ස්වල්පයක් හා ලුණු පදමට එක් කොට ශීත වතුරින් එම පානය සකස් කොට ගෙන පානය කරන්න.
මෙමගින් ඔබේ බර පාලනය කර ගැනීමට හැකියාවක් ඇති අතර, කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර,මොලයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඔබට ඇත.
Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top