ඇස් වටා කළු වීම, රැලි වැටීම වළකා ආකර්ෂණීය දෑසක් ලබා දෙන සොබා සත්කාර
Monday, 14 October 2019 - 12:08 | Views - 2,928

ඇස් වටා කළු පැහැවීම සහ ඇස් වටා සම රැලි වැටීම වයස් භේදයකින් තොරව බොහෝ දෙනකුට මතුව තිබෙන ගැටලුවක්. මානසික ආතතිය, ශරීරය අධික ලෙස වෙහෙසට පත්වීම, අධිකව නිදි වැරීම, ස්නායු ආශ්රිත රෝගාබාධ, අහිතකර ක්‍රීම් වර්ග ආලේප කිරීම, මස්කාරා වැනි ආලේපන නිසි ලෙස සෝදා ඉවත් නොකිරීම ආදිය මෙම තත්ත්වය ඇති වීමට හේතු වෙනවා.
ඔබේ ඇස් වටා කළු පැහැ ගැන්වී රැලි වැටී ඇත්නම් මෙම ස්වාභාවික සත්කාර ඔබට වැදගත් වේවි.
කෝමාරිකා යුෂ, අර්තාපල් බ්ලෙන්ඩර් කරගත් යුෂ හෝ තේ කහට වෙන් වෙන් වශයෙන් හෝ මිශ්‍ර කර හෝ ඇස් වටා ආලේප කර සම්බාහනය කරන්න. විනාඩි 15කින් පසුව සෝදා ඉවත් කරන්න.
ආමන්ඩ් ඔයිල් හෝ රෝස වතුර ස්වල්පයක් ඇස් වටා ආලේප කර සම්බාහනය කරන්න. නින්දට යෑමට පෙර දිනපතා ඇස් වටා මෘදුව සම්බාහනය කිරීම ඉතාම වැදගත්.
රෝස වතුර පුළුන් කැබැල්ලක පොඟවා එය ඇස් පියන් මත විනාඩි 20ක් තබා ඉවත් කරන්න.
ශීතකරණයේ තැබූ පිපිඤ්ඤා පෙති හතරක් ගන්න. ඉන් දෙකක් දෑස් පියන් මත තබා විනාඩි 15කින් පසුව ඉවත් කරන්න. ඉන්පසුව අනෙක් පිපිඤ්ඤා පෙති දෙක දෑස් පියන් මත තබා විනාඩි 15කින් පසුව ඉවත් කරන්න.
ඔලිව් ඔයිල් සහ විටමින් ඊ මිශ්‍ර කරන්න. පසුව පුළුන් කැබැල්ලක් ගෙන එහි පොඟවා ඇස් වටා තබන්න. විනාඩි 10කින් පසුව ඇස් වටා මෘදුව සම්බාහනය කර සෝදා ඉවත් කරන්න.
ශීතකරණයේ තබාගත් අර්තාපල් පෙති දෙකක් ගෙන එය දෑස් වසා ඒ මත තබන්න. විනාඩි 15කින් පසුව ඉවත් කරන්න.
ආගන් ඔයිල් සහ විටමින් ඊ මිශ්‍ර කර පුළුන් කැබැල්ලක පොඟවා එය ඇස් වටා විනාඩි 10ක් තබා සෝදා ඉවත් කිරීම කළ හැකියි.
මෙම සත්කාරවලට අමතරව ඇස් සිරස්ව සහ තිරස්ව චලනය කරමින් රවුමට කරකවමින් ඇස්වලට ව්‍යායාම කිරීම මඟින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි.
මෙම සත්කාරවල නිරත වන විට ඔබේ දෑස් වටා ඇති දුර්වර්ණ බව ඉවත්ව ගොස් දීප්තිමත් බවක් එක්කරගත හැකිවේවි. ඒ වගේම සම එල්ලා වැටීමෙන් තොරව ප්‍රබෝධවත් බවකුත් එක්කර ගත හැකිවේවි.
ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article