ස්ත්‍රී දෙතොලින් කියවෙන රහස් මෙන්න, පිරිමින්ට විශේෂයි...
Wednesday, 08 March 2017 - 19:32 | Views - 22,049
ඕනෑම පුද්ගලයෙකුගේ මුහුණේ කැපී පෙනෙන අංගය වන්නේ තොල් සඟලයි. දේහ ලක්ෂණ විද්‍යාවට අනුව තොල් සඟල මගින් පුද්ගලයා හොඳ කෙනෙක්ද, නරක කෙනෙක්ද, නපුරු කෙනෙක්ද, වංචාකාර කෙනෙක්ද මෙවැනි බොහෝ දේ සොයාගත හැක.

මේ ලිපියෙන් කියවෙන්නේ කාන්තාවකගේ තොල් සඟල මගින් අනාවරණය කරගත හැකි ලක්ෂණ වේ.

  • පිටතට නෙරා ගිය එල්ලෙන තොල් ඇති ස්‌ත්‍රිය
මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ඊර්ෂ්‍යා කරන, කටමැතකම් දොඩවන, පොහොසත්ව සිටියත් දිළිඳු වන, කටකාර, සමාජයේ අවඥවට පත්වන ගෙදර නිතර දබර කරන, පර පුරුෂයන් ආදරය කරන, දරුවන්ට හා තම සැමියාට ආදරය නොකරන, බොහෝ දුදන ගති වැඩි ස්‌ත්‍රියකි.

  • තොල් කලූ‍ පාටට පිහිටි ස්‌ත්‍රිය
මැය වූ කලී ලද දෙයින් සතුටු නොවන, අනුන්ගේ සිත් රිදවන වචන කියන, නරක පහත් වචන කතා කරන, පහත් වැඩ කරන, සැමියාට නිතර කරදර කරන වදක භාර්යාවකි. බොහෝවිට මෙවන් ස්‌ත්‍රීන්ගේ සැමියා මිය ගොස්‌ හෝ අතහැර ගොස්‌ ඇත.

  • මීයෙකුගේ මෙන් උල් වූ තොල් ඇති ස්‌ත්‍රිය
මෙවන් ස්‌ත්‍රීන් රාගාධිකය, ඊර්ෂියා සහිතය, නිතර පළිගැනීමට සිතයි, කෝපවීම මැයගේ පුරුද්දයි. නමුත් එම ගතිය සඟවා තබාගනී. තම සැමියාට අපල ගෙන දෙන පිහිටීමකි. සැමියා දිළිඳු වී විනාශ වී යයි.

  • උඩු තොල යටි තොලට වඩා විශාල වූ ස්‌ත්‍රිය
මෙවන් ස්‌ත්‍රීන් කෝලහලයට බරය, කථා කිරීමේදී වචන අපහැදිලිය, කෘරය, චපලය, නිසරු දේ කතා කරයි, තම සැමියාට ආදරය නැත. කාමුක ගතිය වැඩිය, ආගම දහම ගණන් නොගනී.

  • වටකුරුව රතු පැහැතිව පිහිටි තොල් හිමි ස්‌ත්‍රිය
මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. තම සැමියාට ගෞරව කරයි, බොහෝ ගුණගරුකය, ආගම දහමට ලැදි ස්‌ත්‍රියකි.

  • තොල් දෙකම උස්‌ව පිහිටි ස්‌ත්‍රිය
මෙවන් ස්‌ත්‍රීන් රහසිගත ක්‍රියාවලට දක්‍ෂය, සූක්‍ෂම ලෙස තම සතුරන්ගෙන් පළිගනී, තවද මොවුන් තම සැමියාට ද කරදර කරයි. 

  • තොල් මහත්ව පිහිටන ස්‌ත්‍රිය
මොවුන්ට ජීවිතයේ අපමණ දුක්‌ විඳීමට සිදුවේ. කරදර එකපිට එක පැමිණේ, දිළිඳු ජීවිතයක්‌ ගත කරන අයෙකි. 

  • යටි තොල මස්‌ රහිතව රළුව එල්ලේ නම්
මෙවන් ස්‌ත්‍රීන්ට පෙර සසරේ කල පව් එලව එලවා පලදේ. දුර්භාග්‍යවන්ත ජීවිතයක්‌ ගත කරයි.

  • රේඛාවක්‌ සහිත ඉතා ලස්‌සන සිනිඳු තොල් සහිත නම්
මෙවන් ස්‌ත්‍රීන් යස ඉසුරු පිරි ජීවිතයක්‌ ගත කරයි. දනට පිනට ඉතා ලැදිය. උසස්‌ තනතුරු ලබන, ගෞරවය, ප්‍රසංසාව ලබන, වාසනාවන්ත විවාහයක්‌ හිමි නිතර ඉඟි බිඟි පාමින් තම සැමියා තමා වෙත ඇද බැඳ තබා ගන්නා, කරුණාවන්ත අයෙකි.

  • උඩු තොල සිනිඳු සිහින් වීම
මෙවන් ස්‌ත්‍රීන්ට දුර දක්‌නා නුවන ඇත. කෙසේ හෝ ධනය ලබයි. යස ඉසුරු පිරි යුග දිවියක්‌ ඇත. යුක්‌තිගරුකය, ධනය රැස්‌ කරයි, අනුන්ගේ උදව් උපකාර ලබයි. මොවුන්ගේ විවාහය උසස්‌ බුද්ධිමතකු හා සිදුවේ.

  • උඩු තොලෙහි රෝම පිහිටීම
මොවුන් දැන උගත් මුත් එයින් ප්‍රයෝජන නොලබයි. බොහෝ චිත්ත පීඩාවන්ට ලක්‌වේ. හදවතට එකඟව වැඩ කරයි. නමුත් මොවුන් මුළු ජීවිත කාලයේදීම විවිධ ගැටලූ‍වලට මුහුණපායි.

  • දුර්වර්ණ වූත්, මහත් වූත් තොල් ඇති ස්‌ත්‍රිය
මොවුන්ට ජීවිතයේ දුක්‌ කම්කටලූ‍ ඇති වේ, තම සැමියාට නිතර කරදර කරයි,රාගික අයෙකි. තම සැමියාව මානසිකව වට්‌ටයි

  • සිනිඳු රත් පැහැති දෙතොලින් යුතු ස්‌ත්‍රිය
මොවුන් විවිධ චාරිත්‍ර අගයයි, සමාජයෙන් ගරු බුහුමන් ලබයි, උසස්‌ තනතුරුවල වැඩ කිරීමට භාග්‍ය හිමි අය වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top