අශ්වබල 5000ක ජවයක් සහිත ලොව වේගවත්ම කාර් එක
Thursday, 07 December 2017 - 15:12 | Views - 36,585
මේ කාර් එක ගැන මුලින්ම සදහන් වෙලා තියෙන්නේ 2013 ඩුබායි මෝටර් ෂෝ එකේදී prototype එකක් විදියට අවුරුදු 4 ක project එකකට පස්සේ දැන් මේ කාර් එක නිෂ්පාදනය පටන් අරන් තියනවා, මේ දවස් වල තියන ඩුබායි මෝටර් ෂෝ එකේදී මේක ලෝකෙටම පෙන්නුවා. Steve Morris Engines කියන සමගම තමයි මේ කාර් එකේ engine එක හදල තියෙන්නේ මිට අමතරව Manifattura Automobile Torino කියන ඉතාලි සමාගමත් මේකට සම්බන්ද වෙලා කියලා සදහන් වෙනවා.

මේකේ engine ඒක 12.3 liter V16 එකක්, 81-mm quad-turbo නිසා අශ්වබල 5,007 නිපදවනවා.
මේ power එක නිසා 300mph වේගයක් සම්මත පරීක්ෂණ තත්ව යටතේ ගන්න පුළුවන් වෙලා තියනවා.
ඒ කියන්නේ දැනට ලෝකයේ වේගවත්ම කාර් ඒක බවට මේක පත් වෙනවා.

මීට කළින්  Koenigsegg Agera RS එකේ ටොප් speed ඒක 277.9mph වුනත් එකේ තියෙන්නේ අශ්වබල 1,360 ක engine එකක්.
Devel සමගම කියන විදියට මෙම රථය 300kmph ගමන් කරනකොට රථයට යොදාගන්න ටයර් පිළිබද ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා.
හේතුව සාමාන්‍ය පාරවල් වල යන්න යොදාගන්න ටයර් ඔරොත්තු නොදීමයි.
ඒ හේතුව නිසාම Bugatti Chiron එකටත් ටොප් speed එකට යන්න බැරි වෙලා තියෙනවා.
Devel සමගම මේ වෙද්දී සමාගම් දෙකක් එක්ක මේ වේගයට ඔරොත්තු දෙන ටයර් නිපදවීමට සැලසුම් කරලා තියනවා කියලා සදහන් වෙනවා

Jet Engine එකක Concept එකකට මේක නිපදවලා තියෙන නිසා මේක පාරේ පදින්න නම් තහනම්.
නමුත් මෙය (street illegal) drag race වලට යොදාගන්න පුළුවන් කියලා ඔවුන් පවසනවා.
ඒක නිසා අශ්වබල 2000 ක V8 සහ අශ්වබල 3000 ක V16 quad-turbo version දෙකක් නිපදවන්නත් ඔවුන් කටයුතු කරන බව සඳහන්.
එම මෝටර් රථ දෙක මිලියන $1.6 සහ $1.8 පමණ වනබවත්, අශ්වබල 5000 කාර් එකක් මිලදී ගන්නා විටදී Devel සමාගමත් එකක් ගිවිසුමකට අත්සන් කරන්න අවශ්‍ය බවත් ඔවුන් පවසා තිබෙනවා.
එහි සඳහන් වෙන්නේ මෝටර් රථය ධාවනය කරන අවස්ථාවේ සියලුම වගකීම ඔවුන් බාරගන්නවා කියලා.
ඒකට හේතුව තමයි මේ මෝටර් රථය එච්චරටම එක powerful වීම.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top