රුව රැකගැනීමට මී පැණි භාවිතා කළ හැකි ආකාර 8ක්
Wednesday, 06 December 2017 - 11:14 | Views - 32,965
කිසිදා කල් ඉකුත් නොවන මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීයයන්ගේ රුව වඩවා ගැනීමට මී පැණි අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස තිබුණ බවයි එම සාක්ෂිවලින් කියැවෙන්නේ.

ස්වාභාවික cleanser එකක් වන මී පැණි සමේ මැරුණ සෛල හොඳින් ඉවත් කර දිදුලන සහ පැහැපත් සමක් උරුම කර ගැනීමට උපකාරී වනවා.

මේ රූපලාවණ්‍ය කටයුතු සඳහා මී පැණි යොදාගත හැකි ආකාර කිහිපයක්.

සතියකට වරක් හෝ දෙවරක් මී පැණි යොදා ඔබේ මුහුණ සෝදන්න. සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා ගැනීමට ඔබට හැකිවේවි. මී පැණි සහ තක්කාලි යොදාගෙන ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. ඒ මිශ්‍රණය ඔබේ සම මත මිනිත්තු 15 – 20 පමණ කාලයක් තබා ගෙන සිට ඉන්පසු සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබී පැහැදිලි සමක් උරුම කර ගැනීමට ඔබට හැකිවේවි.

කිසිවක් මිශ්‍ර නොකරන ලද මී පැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි 10කට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලබා ගැනීමට හැකිවේවි. රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණේ මී පැණි ස්වල්පයක් ආලේප කරන්න. සම එල්ලා වැටීම සහ වයස්ගත වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි. මී පැණි කෝප්ප ¼ කට රෝස වතුර හැඳි තුනක් පමණ දමා මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කරවිනාඩි 15ක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිදුලන සමක් උරුම කරගැනීමට ඔබට අනිවාර්යයෙන්ම හැකිවේවි.

සම සඳහා පමණක් නොව නිරෝගී කේශ කලාපයක් ලබා ගැනීමටත් මී පැණි භාවිතා කිරීමට ඔබට පුළුවන්.

ඔබේ හිස කෙස් සේදූ පසු conditioner එකක් ලෙස හිසකෙස් මත මී පැණි ආලේප කර සෝදා හරින්න. සිනිඳු හා දිදුලන කෙස් කළඹක් ලබාගැනීමට ඕන සමත් වේවි.

මී පැණි සහ ඔලිව් තෙල් මිශ්‍රණයක් සාදා ගන්න. එය හිස කෙස් මත අතුරා පැයක් පමණ කාලයකට පසු සෝදා හරින්න. හිස කෙස් සවිමත් වීම එයින් සිදු වේවි.

මී පැණි සහ යෝගට්

ඒ වගේම මී පැණි සහ යෝගට් මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීම විශ්මයජනක ප්‍රතිඵල ලබා දෙනවා. ඔබ කළ යුත්තේ මී පැණි සහ යෝගට් මිශ්‍රණයක් සාදාගෙන, ආලේප කිරීමෙන් පසු මඳ වෙලාවක් එය මුහුණ මත තිබෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හැරීමයි. මුහුණේ රැළි වැටීම් වලක්වාගැනීමට එය මහඟු පිටුවහලක් වේවි

-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top