ගෙදරදීම ෆේෂල් එකක් කරන හරිම විදිහ මෙන්න
Tuesday, 01 October 2019 - 10:29 | Views - 4,547
සාමාන්‍යයෙන් අවුරුදු 25, 30, පමණ වනවිට කාන්තාවන්ගේ සම විවිධ වෙනස්වීම්වලට ලක්වෙනවා. එනම් සම වියළීම, සමේ කුරුලෑ බිබිළි ඇතිවීම ආදිය සිදුවිය හැකියි. මෙම ගැටලුවලට හොඳම විසඳුමක් ලෙස ෆේෂල් සත්කාර හැඳින්විය හැකියි. ෆේෂල් සත්කාර සඳහා ස්වාභාවික ද්‍රව්‍ය යොදා ගැනීම තුළින් සමේ පැහැපත් වීම තව තවත් වර්ධනය කරගත හැකියි. එවැනි ෆේෂල් සත්කාරයක් පියවරෙන් පියවර නිවෙසේදීම සිදු කළ යුතු ආකාරය ඔබට ගෙන ඒමට අද අපි සිතුවා.

Skin Whitening facial

පළමුව කලෙන්සර් එක සාදාගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

*    එළකිරි මේස හැඳි 1

*    ලෙමන් යුෂ බින්දු කිහිපයක්

සාදා ගන්නා ආකාරය

පිරිසුදු භාජනයක් ගෙන එළකිරි සහ ලෙමන් යුෂ එකතු කර හොඳින් මිශ්‍රකර ක්ලෙන්සර් එක සාදා ගන්න.

භාවිත කරන ආකාරය

සුදුසු face wash එකක් භාවිත කර මුහුණ හොඳින් පිරිසුදු කර ගන්න. ඉන්පසුව තෙතමාත්තු කළ සම මත කොට්න් පෑඩ් ආධාරයෙන් ක්ලෙන්සර් එක සමෙහි ආලේප කර ස්වල්ප වේලාවක් සම මත හොඳින් ක්ලෙන්සර් කර සෝදා ඉවත් කරන්න.

ඊළඟ පියවර ලෙස Scrub එක සකසා ගත යුතුයි.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

*  හාල්පිටි මේස හැඳි 1

*   මී පැණි තේ හැඳි 1

*  රෝස වතුර බින්දු කිහිපයක්

භාජනයක් ගෙන අවශ්‍ය සියල්ල එකතු කොට හොඳින් මිශ්‍රකර ගන්න.  ක්ලෙන්සර් කරගත් සම මත සාදාගත් ඉජපභඡ එක ආලේප කර ඇඟිලි තුඩු ආධාරයෙන් හොඳින් ස්ක්‍රබ් කරන්න. ඉන්පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න.

තුන්වැනි පියවර ලෙස මසාජ් ජෙල් එක ආලේප කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

*  මී කිරි තේ හැඳි 1

*    කස්තුරි කහ තේ හැඳි 1

සාදා ගන්නා ආකාරය

භාජනයක් ගෙන මී කිරි, කස්තුරි කහ එයට එකතු කොට සියල්ල හොඳින් මිශ්‍ර කර ක්‍රීම් එකක් ආකාරයට සාදා ගන්න. මුහුණේ සම මත සහ බෙල්ල ප්‍රදේශයේ ගල්වා ඇඟිලි තුඩු ආධාරයෙන් උඩු අතට කවාකාරව ස්වල්ප වේලාවක් හොඳින් මසාජ් කරන්න. අවසානයට කොට්න් පෑඩ් ආධාරයෙන් පිස දමන්න. අවසන් පියවර ලෙස පැක් එක ආලේප කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

*  මී පැණි තේ හැඳි 1

*  ඉදුණු කෙසෙල් ස්වල්පයක්

*  ඔලිව් තෙල් ස්වල්පයක්

භාජනයක් ගෙන මී පැණි ඉදුණු කෙසෙල්, ඔලිව් තෙල් සියල්ල එකතු කොට හොඳින් මිශ්‍ර කර පැක් එක සාදා ගන්න. ඔබට ඇත්තේ වියළි සමක් නම් මෙම පැක් එක සඳහා ඔලිව් තෙල් වෙනුවට ආමන්ඩ් තෙල් එකතු කොට ගත හැකියි. එමෙන්ම ඔබට ඇත්තේ තෙල් සහිත සමක් නම් ඔලිව් තෙල් හෝ ආමන්ඩ් තෙල් වෙනුවට කෙසෙල්, මී පැණි සමඟ රෝස වතුර බින්දු කිහිපයක් එකතු කර පැක් එක සාදා ගන්න. මෙම පැක් එක සම මත ආලේප කර විනාඩි දහයක් පමණ තබා මඳ උණුසුම් ජලයේ පොඟවන ලද කොට්න් පෑඩ් ආධාරයෙන් ඉවත් කරන්න.

මෙම ෆේෂල් එක ඔබට නිවෙසේදීම අත්හදා බැලිය හැකියි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්ලෙන්සර් එක සඳහා යොදා ගත් ද්‍රව්‍ය වන එළකිරිවල තචජබඪජ ඒජඪඤ නිසා විසබීජ නාශකයක් ලෙස ක්‍රියාත්මක වීමයි. එමෙන්ම ලෙමන් ස්වාභාවිකව සම පැහැපත් කරන ශාක සාරයක් ලෙසත් ක්‍රියා කරනවා. ඒ තුළින් ඔබගේ සමට ඉතා හොඳ පෝෂණයක් ලබා දෙනවා.

එමෙන්ම මෙහිදී මසාජ් ක්‍රීම් එක සඳහා භාවිත කළ ද්‍රව්‍යවලින් කස්තුරි කහ සමෙහි ඇතිවන විවිධ අසාත්මිකතා අවම කරන ද්‍රව්‍යයකි. එනම් බැක්ටීරියා ආදී විසබීජ විනාශ කිරීමේ ගුණයක් කස්තුරි කහ තුළ අඩංගු වේ. Zink, විටමින් D වැනි සංඝටකයන් ද කස්තුරි කහ තුළ අඩංගුවන අතර මී කිරි කියන්නේ සමට ඉතාම හොඳ මොයිස්චරයිසර් එකක්. සමඟින් සම පෝෂණය කරන අතර සමෙහි තෙතමනය ආරක්ෂා කිරීමත් සිදුවෙනවා.

අවසන් පියවර ලෙස භාවිත කළ පැක් එක සඳහා යොදාගත් මී පැණි විසබීජ නාශකයක් ලෙස ක්‍රියාකරන අතර මී පැණි තුළින් සම, පැහැපත් වීමත් සිදු වෙනවා. ඔලිව් ඔයිල් හා ආමන්ඩ් ඔයිල් තුළින් සම  වයසට යෑම පාලනය කරනවා. එම නිසා ඔබත් නිවෙසේදීම මෙම ෆේෂල් සත්කාරය අත්හදා බලා ප්‍රතිඵල ලබා ගන්න.

දිනූෂා මනෝරි නිශ්ශංක
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top