ලෝකයේ අඩුම මිලකට මිලදීගත හැකි මෝටර් රථය ලෙස සැලකෙන නැනෝ මෝටර් රථ පෙළේ නවතම මාදිලිය වන විදුලි මෝටර් රථය ඉන්දීය වෙළඳපොළට අද හඳුන්වාදෙනු ඇති.
ඒ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ගේ ප්රධානත්වයෙන් හයිද්රාබාද් නුවර දී.
ඉන්දීය රජයේ විශේෂ තීරණයකට අනුව ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ වසර 2030 වනවිට එරට භාවිත කෙරෙන සියලුම ඛනිජ තෙල් වලින් ධාවනය වන මෝටර් රථ විදුලි මෝටර් රථ බවට පරිවර්ථනය කිරීමයි.
මෙම නවතම මෝටර් රථය එක්වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර් 200ක දුරක් ධාවනය කළහැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
මෙහි ආරම්භක පියවර වශයෙන් මෝටර් රථ 400 ක් වෙළෙඳපොළට එක් කරලීමට සූදානම් කර ඇති බව එම වාර්තාවල සඳහන්.
මෙම නවතම මෝටර් රථයේ මිල ඉන්දීය රුපියල් ලක්ෂ 5 ක් බවයි එහි දැක්වෙන්නේ.
එම මෝටර් රථයේ අන්තර්ගත උපාංග පහතින්.
Electric power steering
Air Conditioner
Front Power Windows
Central Locking with Remote
12V Power Socket
Bluetooth
AUX-in
Multi-Information Display