අඩුවෙන් නිදාගෙන වැඩියෙන් කැලරි දහනය කර ගන්න කැමතිද?
Friday, 27 September 2019 - 10:41 | Views - 1,212
කැලරි දහනය කිරීමට ව්‍යායාම කිරීම හෝ ඇවිදීම, පිහිනීම, බ්යිසිකල් පැදීම වැනි කාර්යයන්ගේ නියැලිය යුතු බවයි සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නේ. නමුත් නිදියගෙනත් කලරි දහනය කරගන්න පුළුවන් කියල කිවුවොත් ඔබ ටිකක් විතර පුදුම වෙයි නේද? මේ කියන්න යන්නේ ඇමෙරිකානු විශේෂඥයන් පිරිසක් එකතුවෙලා සොයා ගත්ත දෙයක් ගැනයි.

නින්ද කියන්නෙ මිනිසෙකුට ආහාර වගේම වැදගත් දෙයක්. නින්ද අවමවීම හේතුවෙන් දෛනික කටයුතු පවා කර ගැනීමට නොහැකි තත්වයකට ඔබ පත්වුනු අවස්ථා ඕනෑ තරම් ඇති. වෛද්‍යවරුන් පවසන ආකාරයට කුඩා දරුවෙකුට නම් දිනකට පැය 10 ක් 12 ක් අතර සුව නින්දක් අවශ්‍යයි. ඒවගේම වැඩිහිටි අයෙකුට පැය 6ක් 8ක් අතර නින්දක් අවශ්‍යයි. මානසික ඒකාග්‍රතාවයක් පවත්වා ගැනීමටත් නොසන්සුන්බව, මානසික ආතතිය අවමකර ගැනීමටත් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමටත් වැඩි නින්දක් ලබාගත යුතුය යන්න වෛද්‍ය මතය වෙනවා.

නමුත් දැන් මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් ගැනයි. නවතම වෛද්‍ය පරීක්ෂණයකින් හෙලි වී ඇති ආකාරයට වැඩිපුර නිදා ගැනීම සෞඛ්‍යයට අහිතකර වනවා සේම නින්ද අඩුවෙන් ගැනීම සෞඛ්‍යයමත් ජීවිතයක් ගතකිරීමට හේතුවන බව සොයාගෙන තියෙනවා. ඔවුන්ගේ පර්යේෂණයන්ට අනුව අධික නින්දක් ලබා ගන්නා අයගේ ශරිර කැලරි දහනය සදහා වෙන්කර ඇත්තේ අඩු කාල පරාසයක් පමණක් බව තහවුරු වෙලා තියෙනවා. එමෙන්ම නින්ද අඩුවීමෙන් ශරීරය අධික වෙහෙසකාරී තත්වයකට පත්වන අතර එමගින් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන බවත් සොයා ගෙන තියෙනවා. ඒ නිසා අඩුවන් නිදාගෙන කැලරි දහනය කර ගැනීමට ඇති හැකියාව ඔබටත් අත්හදා බලන්න මේ පර්යේෂණය මඟින් අවස්ථාව උදා වෙලා තියෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top