සුසුකි හා ටොයෝටා එක්ව Electric මෝටර් රථයක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි
Wednesday, 22 November 2017 - 10:47 | Views - 17,217
සුසුකි හා ටොයෝටා සමාගම් ද්විත්වය එක්ව මරුටි සුසුකි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහාවන අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කර තිබෙනවා.

මෙය වසර දෙකක කාලයක් තුළ දී බොහෝවිට 2020දී වෙළඳපොළට හඳුන්වා දීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මරුටි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල ඇමරිකානු ඩොලර් 16,000 ක් පමණ වනු ඇති බවද සඳහන්.

එය ආසන්න වශයෙන් ඉන්දියානු රුපියල් මිලියනයක් පමණ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

සුසුකි හා ටොයෝටා සමාගම් අතර අත්සන් තබන ලද මෙම ගිවිසුමට අනුව ඉන්දියානු වෙළෙඳපොළ සඳහා විශේෂ වූ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සුසුකි විසින් නිපදවනු ලබන අතර ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ටොයෝටා විසින් ලබා දීමට නියමිතයි.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේදී නිෂ්පාදනය කිරීමට නියමිත මෙම මෝටර් රථයේ බැටරියේ නිෂ්පාදන කටයුතු මේවන විට ආරම්භ කර තිබෙනවා.

මෙම මෝටර් රථය නිෂ්පාදනය කිරීම සඳහා සුසුකි සමාගම මුලික වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ආයෝජනය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහි පළමු පියවර යටතේ මෝටර් රථ ලක්ෂ දෙකහමාරක් නිෂ්පාදනය කිරීමට නියමිත බවත් එය ඉන්දීය පරිහරණයට සහ විදේශ වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන්.

2030 වනවිට ඉන්ධන හා ගෑස් භාවිත කරන මෝටර් රථ අලෙවිය නැවතීමට ඉන්දියාව මේවනවිට සැලසුම් කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top