හිසකෙස් වැටීම ඉක්මනින් නතර කර ගැනීමට නිවසේදීම කලහැකි ස්වභාවික ප්‍රතිකර්ම මෙන්න
Tuesday, 14 November 2017 - 10:37 | Views - 13,091

හිසකෙස් කියන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව තමන්ගේ හැඩරුව වර්ධනය කරන දෙයක්. නමුත් විවිධ හේතුන් නිසා හිසකෙස් අධික ලෙස වැටීම මේ කාලයේ බොහෝදෙනෙකුට තිබෙන ගැටළුවක්. හිසකෙස්වල ආතතිය, ජානමය හේතුන්, හිසකෙස්වලට සිදුකරන විවිධ විලාසිතා උපකරණ වැනි හේතු නිසා හිසෙකෙස් මෙසේ වැටීම සිදුවීමට බලපානවා.
මෙම ලිපියෙන් කියවෙන්නේ මේ ගැටළුව සඳහා නිවසේදීම පහසුවෙන් කල හැකි ප්‍රතිකාර කිහිපයක් පිළිබඳවයි.
1. ප්‍රෝටීන්
ප්‍රෝටීන් ඔබගේ හිසකෙස් වලට සැලකිය යුතු ආකාරයෙන් බලපෑ හැකිය. හිසකෙස් ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් මගින් තැනී ඇති නිසා හිසකෙස් හැලී යාම ප්‍රෝටීන් හිගවීම නිසා බලපායි. එම තත්වයෙන් මිදීමටනම් ඔබ මස්, මාළු, බිත්තර හා පරිප්පු වැනි ප්‍රෝටීන් බහුල ආහාර දිනපතා ආහාරයට ගත යුතුය.
2. තෙල් සම්භාහනය
හිසට තෙල් යොදා සම්භාහනය කිරීම හිසකෙස් වර්ධණයට ඉතාමත් හොද දෙයකි. එමගින් ඔබගේ හිස් කබල මෙන්ම හිසකෙස්ද ශක්තිමත් කරදෙයි. ඔබට පහසුවෙන්ම සපයාගත හැකි ඔලිව් තෙල් හෝ පොල්තෙල් යොදා මෙම සත්කාරය සිදුකර ගත හැකිය.
පළමුව ඔබගේ හිසකෙස් සෝදාගන්න. ඉන් පසුව හිසකෙස් හොදින් වේලීමට ඉඩ හැර තෙල් ස්වල්පයක් අතට ගෙන එය හිස්කබලට යොදා හොදින් සම්භාහනය කරන්න. මෙය දිනපතා සිදු කරන්න.
3. ළුණු යුෂ
මෙය ඉතාමත් සාර්ථක ක්‍රමයක් වෙනවා. පළමුව සම්පුර්ණ ළුණු ගෙඩියක්ම ගෙන එයින් යුෂ ලබාගන්න. ඉන් පසුව ඔබ හිසකෙස් ෂැම්පු දමා පිරිසිදු කර එම ළුණු යුෂ වලින් සෝදා දමන්න.
4. ඔමේගා 3 මේද අම්ලය
හිසකෙස් වැඩීමටනම් හිසකෙස් පෝෂණ වියයුතු බව අප සියළුම දෙනා දන්නා දෙයක්. හිසකෙස් වර්ධණය සමස්ථ ශරීරයම වර්ධණයට බලපානවා. ඔබ මේ ඔමේගා 3 මේද අම්ලය ඇති ආහාර පරිභෝජනයෙන් හිසකෙස් වර්ධණය කරගෙන හිසකෙස් වැටීයාම වලක්වා ගන්න පුළුවන්. ඔබ කලයුත්තේ ඔමේගා 3 මේද අම්ලය අඩංගු සෝයා බෝංචි, සැමන් වැනි ආහාර පරිභෝජනයට ගන්න එක.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article