ශුක්‍රාණු වෙනුවෙන් නවතම iPhone එකක් ලබාදෙන අපූරු ශුක්‍රාණු බැංකුව
Monday, 13 November 2017 - 16:25 | Views - 33,168
නවතම iPhone ජංගම දුරකථනයක් හිමිකර ගැනීම බොහෝ තරුණයින්ගේ සිහිනයක්. ඒ අතර චීනයේ තරුණයන් iPhone වලට දක්වන්නේ දැඩි කැමැත්තක්. පසුගිය කාලයේ iPhone එකක් වෙනුවෙන් ශරීරයේ කොටස් පවා විකුණු චීන තරුණයන් ගැන අහන්නට ලැබුණා. චීන තරුණයන්ගේ මේ iPhone සිහිනය සෑබෑ කර දෙන්න ෂංග්හයි ශුක්‍රාණු බැංකුව අපූරු වැඩක් ක්‍රියාත්මක කරලා.

ෂංග්හයි ශුක්‍රාණු බැංකුව චීනයේ ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩවියක් හරහා දැන්වීමක් පළකරමන් කියා සිටියේ “ දැන් ඔබට වකුගඩු විකිණීමට අවශ්‍ය වන්නේ නෑ. ෂංග්හයි ශුක්‍රාණු බැංකුව ඔබේ iPhone සිහිනය සැබෑකරන්න සුදානම්“ යනුවෙනුයි. බැංකුව විසින් මෙලෙස ශුක්‍රාණු පරිත්‍යාග කරන්නන් අතරින් තෝරාගත් තරුණයින්ට iPhone නවතම ජංගම දුරකථනයක් දිනා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

iPhone උන්මාදයෙන් සිටින චීන තරුණයන් අතර මෙම දැන්වීම ඉතා වේගයෙන් පැතිරී ගිය අතර බොහෝ තරුණයින් මේ සදහා දැඩි උනන්දුවක් දක්වා තිබුණා. ඒ අතරින් ශුක්‍රාණු දායක කරගැනිම සදහා තේරීපත් වුණ අයට ලංකා මුදලින් රු. 130 000 ක පමණ මුදලක් ලබා දීමට ශුක්‍රාණු බැංකුව සුදානම්.

මේ කටයුත්ත ඉතා සාර්ථක ලෙස සිදුවන බව ෂංග්හයි ශ්‍රක්‍රාණු බැංකුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කල අතර ඔවුන්ට මෙවැන්නකට යොමු වීමට සිදුවු හේතුවත් පැහැදිලි කලා. ඔහු පවසන ආකාරයට චීනයේ ජෝඩු 1000 කින් 10 දෙනෙක්ම නිසරු බවෙන් පෙළෙන අතර ඔවුන්ගේ අවශ්‍යතාවයට තරම් බැංකුවල ඇති ශුක්‍රාණු සංචිත ප්‍රමාණවත් නොවන්නේ, තරුණයින් ශුක්‍රාණු දායක කිරීමට වැඩි කැමැත්තක් නොදක්වන නිසා බවයි. ඒ නිසා සමාජජාල වෙබ් අඩවි තුලින් තරුණයන් මේ සදහා පොළඔවා ගැනිමට ඔවුන්ට සිදුවු බවයි ඔහු පැවසුවේ.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top