චොකලට් අපේ ශරීරයට අහිතකරයි කියාද ඔබත් සිතන්නේ? මෙන්න ඇත්තටම සිදුවන දේ
Monday, 13 November 2017 - 10:56 | Views - 18,317
පැණිරස කෑම කන්න ඕනෑම කෙනෙක් කැමතිනේ. නමුත් සෑම විටම පැණිරස කෑම ශරීරයට හිතකර වෙන්නේ නෑ. පැණිරස කෑම වර්ග අතරින් අපි වඩාත්ම කැමැති චොකලට් ආහාරයට ගැනීමටයි.+

චොකලට් ශරීරයට අහිතකර බව බොහෝදෙනා සිතා සිටියත් එය නිවැරදි මතයක් නොවේ. ඇත්ත වශයෙන්ම චොකලට් අපේ ශරීරයට හිතකර වෙනවා. නිවැරදි වේලාවට නිවැරදි ප්‍රමාණයෙන් අපේ ශරීරයට විශාල වාසි ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. මෙම ලිපියෙන් කියවෙන්නේ චොකලට් ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන වාසි පිළිබඳවයි.

01. චොකලට් ආහාරයට ගෙන විනාඩි 10 පසු ලැබෙන ප්‍රතිපල

ඔබේ සිරුරට ප්‍රාණවත් ගතියක් දැනෙනවා වගේම ශරීරයට හොද ශක්තියක් දැනෙනවා. මොළයට ලේ සැපයුම කාර්යක්ෂම කරනවා සහ රුධිර වාහිනී වල ක්‍රියාකාරිත්වය වැඩි කරනවා. අධික රුධිර පීඩනය පාලනය කරනවා. ඔබේ දත් ආරක්ෂා කරනවා.

02. විනාඩි 30 ක් ඇතුළත ලැබෙන ප්‍රථිපල

ඔබට කැස්ස තිබෙනවානම් එයට යම් සහනයක් ලබාදෙනවා. ඒ වගේම හිරු එලිය නිසා සමේ ඇතිවෙන පිළිස්සීම් අඩු කරනවා. ශරීරයට අවශ්‍ය විටමින් වර්ග වන B1, B2 සහ විටමින් E ලබාදෙනවා.

03. චොකලට් දවස් කිහිපයක් භාවිතා කිරීමෙන්

දියවැඩියාව පාලනය කරනවා වගේම ඇතිවීමත් වළක්වනවා. ඒ වගේම මානසික ආතතිය ඇතිවීමට හේතුවන හෝර්මෝන පාලනය කරමින් කාංසාව වැනි මානසික රෝග ඇතිවීම වළක්වනවා. පැණිරස කෑම වලට ඔබේ ඇති කැමැත්ත අඩු කරනවා. මේ නිසා ඔබ අහිතකර පැණිරස කෑම ආහාරයට ගැනීමෙන් වලකිනවා.

04. නොකඩවා දිගටම chocolate ආහාරයට ගැනීමෙන්

ඔබේ හදවත සුරකිමින් හදවත් රෝග ඇතිවීම වළක්වනවා. රුධිර වාහිනී පිරිසිදු කරනවා. ඔබේ මතකය සහ දැනුම වර්ධනය කරනවා. මේ නිසා වයස 70 වැඩි පුද්ගලයන් chocolate ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ මතක ශක්තිය වර්ධනය කරගත හැකියි. කුඩා දරුවන්ට සතුටින් සිටීමට උදවු වෙනවා. දරුවන් ලැබීමට සිටින කාන්තාවන් chocolate ආහාරය ගැනීමෙන් දරුවා ඉපදුන පසු ඔහු බය අඩු, සතුටින් සිටින නිරෝගී දරුවෙක් වෙනවා.

චොකලට් ආහාරයට ගැනීමේදී ඔබ මතක තබාගත යුතු විශේෂ කරුණු

කොකෝවා 70% වඩා අඩංගු chocolate ආහාරය තෝරාගන්න. ඒ වගේම දවසකට chocolate පෙති 2ක් 3ක් ආහාරය ගැනීම ප්‍රමාණවත්. වකුගඩු වල ගල් ඇති හෝ ඇතිවීමේ අවදානමක් ඇති අය chocolate භාවිතය එතරම් සුදුසු නෑ.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top