සම නීරෝගී හා පැහැපත් කරගන්න පුළුවන් නියම ක්‍රමයක් මෙන්න
Friday, 10 November 2017 - 17:43 | Views - 22,063
කෝපි කියන්නේ නම් අප කවුරුත් අතර ජනප්‍රිය පානයක්. කෝපි නිසා අපගේ මානසික ආතතිය අවම වීම, හදවත නිරෝගී කිරීම, ප්‍රතිශක්තීකරණ පද්ධතිය මනාව පවත්වාගෙන යාමට උපකාරී වීම වැනි බොහෝ ආකාරයෙන් වැදගත් වෙනවා.
මීට අමතරව කෝපි මගින් ඔබේ බාහිර පෙනුම වැඩි කරගැනීමට හැකි ආකාර පිළිබඳවයි මෙම ලිපියෙන් කියවෙන්නේ.
01. කෝපි සහ යෝගට්
කොපි කුඩු මේස හැඳි 1ක්
යෝගට් මේස හැඳි 1ක්
හොඳින් මිශ්‍ර කර පිරිසිදු කර ගත් මුහුණ මත අලේප කරන්න. විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා හරින්න.
02. කෝපි සහ පොල් කිරි
කෝපි කුඩු මේස හැඳි 2ක් හෝ 3ක්
පොල් කිරි මේස හැඳි 3ක් හෝ 4කක්
මෙය හොඳින් මිශ්‍ර කර පල්පයක් මෙන් සකස් කර මුහුණේ අලේප කර විනාඩි 15කින් හෝ 20කින් ඉවත් කරන්න.
03. කෝපි සහ පොල් තෙල්
මේක ඔයාට හරිම ලේසියෙන් හා පහසුවෙන් කර ගන්න පුළුවන්.
කෝපි කුඩු තේ හැඳි 2ක්
පිරිසිදු පොල් තෙල් මේස හැඳි 2ක්
මේ ද්‍රව්‍ය දෙක හොඳින් ම්ශ්ර කරලා පිරිසිදු කර ගත් මුහුණේ අලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article