නීරෝගී කෙස් කළඹකට බාහිර සත්කාර වගේම මේ අභ්‍යයන්තර සත්කාර අත්‍යවශ්‍යයි
Tuesday, 07 November 2017 - 15:43 | Views - 5,651
හිසකෙස් කියන්නේ ඕනෑම කාන්තාවකගේ ප්‍රධාන අවධානයක් ගන්න දෙයක්. විශේෂයෙන්ම තරුණියන් තමයි තමන්ගේ හිසකෙස් පිළිබඳව වදවෙන්නේ. ඒ නිසා බොහෝදෙනා විවිධ සත්කාර තමන්ගේ හිසකෙස්වලට සිදු කරනවා. නමුත් ඒ හැමදෙයක්ම බාහිර සත්කාර. එහෙත් ඊට අමතරව අභ්‍යයන්තරව ලබාදෙන පෝෂණ සත්කාර ඉතාම වැදගත්. මෙම ලිපියෙන් කියවෙන්නේ ඒ ආකාරයට ඔබ හිසකෙස්වලට අභ්‍යයන්තර පෝෂණ ලබාදිය හැකි ආහාර පිළිබඳවයි.

01. බිත්තර

හිස කෙස් වලට කරන බාහිර සත්කාර වලදීත් නිතරම බිත්තර යොදා ගන්නවා. බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. එය හිස කෙස් වර්ධනයටත් හිස කෙස් වල පැහැය රැක ගන්නත් උදවු වෙනවා. ඒ වගේම හිස කෙස් වැටීම පාලනය කරන්නත්, හිස් කබලේ නිරෝගී බවටත් බිත්තර වලින් ලැබෙන පෝෂණය ඉතා ඉහළයි.

02. වට්ටක්කා ඇට

වට්ටක්කා ඇට වල මේ තරම් පෝෂණ කොටස් රාශියක් අඩංගු වෙනවා කයලා ඔයා කොහෙත්ම හිතන්නේ නැතුව ඇති. අපි නොහිතුවට වට්ටක්කා ඇට වල ප්‍රෝටීන්, සින්ක්, පොටෑසියම්, යකඩ, විටමින් B, විටමින් E, මැග්නීසියම් සහ කැල්සියම් අඩංගු වේ. පොතු ඉවත් කර ගත් වට්ටකකා ඇට සුප් වලට එකතු කර ආහාරයට ගන්න පුළුවන්. හිස කෙස් වල වර්ධනයට වගේම දිදුලන බවක් ලබා දෙන්න මේහි ඇති පෝෂණ කොටස් හේතු වෙනවා.

03. ග්‍රීන් පීස්

ග්‍රීන් පීස් හිස කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රාශියකින් සමන්විතයි. ඒ අතර ඇති යකඩ, සින්ක්, පොටෑසියම් හිස කෙස් ශක්තිමත් කරනවා. විටමින් B, B6, B12 රතු රුධිරානු වර්ධනය කිරීමත්, හිස් කබල ඇතුළු සෑම අවයවටකටම ඔක්සිජන් ගෙන යාම පහසු කරනවා.

04. සැමන්

හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය සපුරන ආහාර වර්ග අතර මුලින්ම තියෙන්නේ සැමන්. සැමන් වල ප්‍රෝටීන්, ඔමේගා-3 මේද අම්ල, යකඩ හා විටමින් B12, විටමින් D අඩංගු වෙනවා. ඔමේගා-3 හිතකර මේද අම්ල හිස් කබල නිරෝගිව පවත්වා ගන්න උදවු වෙනවා. අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ හිස කෙස් ශක්ත්මත් කරන්න උදව් වෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථ අහිමි වීම නිසා තමයි හිස කෙස් දුර්වල වෙන්නේ.

05. බ්‍රොකෝලි

බ්‍රොකෝලි විටමින් A සහ C වලින් සමන්විතයි. ඒ වගේම එහි ඇති කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ, හිස කෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නවා. බ්‍රොකෝලි අමුවෙන් සලාද ලෙස පිළියෙළ කොට ආහාරයට ගැනීම වඩා සුදුසුයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top