සුදු වෙන්න මහන්සි වෙන ඔබට පහසුවෙන් හා ස්වභාවික ලෙස සම පැහැපත් කරගන්න ක්‍රම කිහිපයක්
Wednesday, 01 November 2017 - 16:30 | Views - 19,272

සුදු වෙනවා කියන දේ මේ වනවිට තරුණ තරුණියන් අතර ප්‍රචලිත දෙයක් බවට පත්වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් මේ විදියට සුදු වෙන්න හිතාගෙන අධික ලෙස වියදම් කරන අතර විවිධ අවධානම් දේවල් ද අත්හදා බැලීම් කරනවා. කෘතීම දේවල්වලින් සුදුවෙන්න කරන දේවල් නිසා සමේ ඇති මෙලනින් අඩු වෙලා විවිධ අතුරු ආබාධවලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. මෙම ලිපියෙන් කියවෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් තමන්ගේ සම පැහැපත් කරගැනීමට හැකි ක්‍රම කිහිපයක් පිළිබඳවයි.
මෙම සත්කාර කිරීමට පෙර ඔබගේ මුහුණ හොඳින් පිරිසිදු කරගත යුතු අතර ඔබේ ශරීරයට අසාත්මිකතා ඇති කරන අමුද්‍රව්‍ය භාවිතා නොකිරීම සුදුසුය.
01. කොමඩු, මී පැණි සහ දෙහි
මී පැණි මේස හැඳි 2ක්
දෙහි යුෂ මේස හැඳි 1/2
කොමඩු යුෂ වලට මි පැණි සහ දෙහි එකතු කර හොඳින් මිශ්‍ර කර පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කර විනාඩි 15- 20 අතර කාලයක් තියෙන්නට හැර සෝදා හරින්න.
02. අලිගැට පේර සහ යෝගට්
අලිගැට පේර මේස හැඳි 2
යෝගට් තේ හැඳි 1
මී පැණි තේ හැඳි 1
සියල්ල හොඳින් මිශ්‍ර කර මෘදු තලපයක් සාදා මුහුණේ ආලේප කරන්න. විනාඩි 15ක් තියෙන්නට හැර පිරිසිදු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
03. කහ, කොහොඹ සහ මී කිරි
කොහොඹ කොල කිහිපයක්
මී කිරි මේස හැන්දක්
කහ කුඩු තේ හැඳි 1
කොහොඹ කොල හොඳින් අඹරා එයට මී කිරි සහ කහ එක් කර මිශ්‍ර කරගන්න. මුහුණෙ ආලේප කර විනාඩි 15ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.
04. කඩල පිටි සහ මී කිරි
කඩල පිටි මේස හැඳි 3
මී කිරි මේස හැඳි 1
හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය තෙල් සහිත හා කුරුලෑ සහිත සමට ගැලපෙන face pack එකක්. මී කිරි වෙනුවට ඔයාට යෝගට් යොදා ගන්නත් පුළුවන්.
05. කෙසෙල්, මී පැණි සහ ඔලිව් ඔයිල්
හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක්
මී පැණි තේ හැඳි 1
ඔලිව් තෙල් තේ හැඳි 1
අවශ්‍ය ප්‍රමාණයට ගෙන පොඩි කරගත් කෙසෙල් වලට මී පැණි සහ ඔලිව් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මුහුණේ ආලේප කර විනාඩි 10ක්- 15ක් තබා පිරිසිදු ඇල් වතුරෙන් සෝදා හරින්න. වියළි සමකට කල හැකි තවත් හොඳ සත්කාරයක් තමයි මේ
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article