ප‌ොල්ත‌ෙල් වලින් හිසකෙස් සඳහා කදිම සත්කාරයක්
Thursday, 05 September 2019 - 11:05 | Views - 3,746
හිසකෙස් වැටීම, වියළි හිස්කබලක් හිමිවීම හෝ හිසකෙස් සිහින් වීම සඳහා පොල්තෙල් වලින් සත්කාර කළ හැකියි. එය ඔබේ දුර්වල හිසකෙස් ශක්තිමත් කරන සුපිරි වීරයෙක් කිව්වොත් නිවැරදියි. පොල්තෙල් වල ප්‍රති-බැක්ටීරියා, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී හා ප්‍රතිරෝධක ගුණ අඩංගු ය. මෙය බොහොමයක් හිසකෙස් ගැටළු සඳහා ඵලදායි විසඳුමක් වේ.
හිසකෙස් සඳහා පොල් තෙල් භාවිතා කිරීමේ ප්‍රතිලාභ

    පොල් තෙල් ස්නේහය (අපේ සිරුර විසින් ස්වාභාවිකව ම නිෂ්පාදනය කරන තෙල් වර්ගයකි) වැනිම ස්වාභාවික තෙල් වර්ගයක් වන අතර හිස්කබලේ වියළි බව ඉවත් කිරීමට සහ හිසකෙස් මුල් බිඳීම වළක්වා ගැනීමට උපකාරී වෙනවා. හොඳින් පොල්තෙල් තැවරූ හිස්කබලක් රෝම කුපයන් සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වෙනවා.
    පොල් තෙල් වල Lauric අම්ලය අඩංගුය. එය හිස කෙස් වලට අවශ්‍ය ප්‍රෝටීන් ලබා දීමටත්, හිස කෙස් මුල් ආරක්ෂා කිරීමටත් සහ කිස කෙස් බිඳී යාම වැළැක්වීමටත් උපකාර කරනවා.
    පොල් තෙල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක හිසකෙස් වැවීම වර්ධනය කර ගැනීමට සහ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීමට උපකාර කරනවා.
    පාරිසරික දුෂණය හා අධික තාපය නිසා හිස කෙස් වලට සිදු වන හානි වලට එරෙහිව සටන් කර,  හිස කෙස් ආරක්ෂා කර ගැනීම සඳහා පොල් තෙල් උපකාර කරනවා.
    හිසකෙස් වර්ධනය වීම වැළැක්විය හැකි බැක්ටීරියා ගැටළු වලින් ආරක්ෂා වීමට ඔබට උදව් වන පොල් තෙල් වල ප්‍රති-දිලීර හා ප්‍රති-බැක්ටීරියා අම්ල අඩංගු වේ. එය ඔබේ හිසකෙස් හා හිස්කබලේ රෝග සුව කර, පෝෂණය කිරීම සඳහා උපකාරී වේ.
    පොල් තෙල් ස්වභාවික හිස කෙස් තෙත් කාරකයක් ලෙස කරයි. ඔබේ හිසකෙස් මෘදු හා සිහින්ව තබා ගැනීමට උපකාරී වේ.
    පොල් තෙල් යොදා ඔබේ හිස් කබල හොඳින් සම්බාහනය කිරීම තුලින් රුධිර සංසරණය ඉහළ නංවා, පෝෂක කොටස් හිස් කබලට උරා ගැනීම වේගවත් කරවනවා.

හිසකෙස් වැටීම සඳහා පොල්තෙල් වලින් සත්කාර
හිසකෙස් වැටීම බොහෝ හේතු නිසා ඇති විය හැකි ය. ඒවායින් සමහරක් නම් මානසික පීඩනය, සැර ඖෂධ භාවිතය, පෝෂණීය අසමතුලිතතා, වේගවත් ලෙස බර අඩු වීම හා හෝමෝන ගැටළු නිසා විය හැක.

    ඔබේ හිසකෙස් ෂැම්පු කර සෝදා ගන්න. නමුත් කන්ඩිෂනර් ගල්වන්න එපා.
    මීළඟට බඳුනකට පොල් තෙල් ස්වල්පයක් දමා රත් කරන්න.
    ඔබ කොණ්ඩය සම්පූර්ණයෙන්ම වියලූ පසු, ඔබේ හිසකෙස් වල පොල්තෙල් ගල්වන්න.
    ඔබේ හිසකෙස් තුළට පොල් තෙල් හොඳින් කා වැඩීම සඳහා පිරිසිඳු පනාවක් ගෙන පොල්තෙල් සහිත හිස කෙස් පීරන්න.
    ඔබේ කොණ්ඩය ආවරණය කර විනාඩි 45 ක් තබා ගන්න. ඔබට අවශ්‍ය නම් රාත්‍රී නින්දට යෑමේදී හිස කෙස් ආවරණය කර ගෙනම නින්දට යා හැකියි.
    ඉන්පසු නැවත ෂැම්පු කර සෝදා හරින්න.

ඉස්සොරි ඉවත් කර ගැනීම සඳහා පොල්තෙල් වලින් සත්කාර

    කෝමාරිකා යුෂ  සහ පොල් තෙල් ගෙන, බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
    ඔබේ හිස කෙස් මත  මෙම මිශ්‍රණය යොදන්න.
    එය පැයක් පමණ ඔබේ කෙස් වල ගල්වා තබා ගන්න.
    මෙමඟින් ඔබේ හිස් කබලේ ඇති ඉස්සොරි ඉවත් වීම සහ හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය ලැබීම සිදු වේ.
    පැයකට පමණ පසු ස්නානය කරන්න.

වියළි හිසකෙස් සඳහා පොල්තෙල් වලින් සත්කාර
පොල් තෙල් සහ ඔලිව් තෙල් හිස කෙස් සඳහා පැක් එකක් යෙදිය හැක.
මෙම තෙල් වර්ග දෙක ඔබේ හිසකෙස් වල වියළි ස්වභාවයට එරෙහිව සටන් කරන අතර, ඔබේ හිසකෙස් වර්ධනය කිරීම, මෘදු කිරීම සිදු කරනවා.

    පොල් තෙල් හා ඔලිව් තෙල් බඳුනක දමා මදක් රත් කරන්න.
    ඔබේ හිසකෙස් සහ හිස්කබල් මත ආලේප කරන්න.
    උණු වතුරේ පොඟවා ගත් තුවායක් (ජලය මිරිකා හැර) ගෙන ඔබේ හිස වටා ඔතන්න.
    පැයක් පමණ සිටීමෙන් අනතුරුව හා මෘදු ෂැම්පු වර්ගයක් යොදා සෝදා හරින්න.
    මෙම ක්‍රියාවලිය නිතරම අනුගමනය කරන්න.


Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top