උදෑසන ආහාරය නිවැරදි ම විදිහට ගත්තොත් වෙන දේ දැන ගන්න
Thursday, 05 September 2019 - 9:54 | Views - 2,680
රැකියාවට, පාසලට කඩිමුඩියේ පිටත්වන නිසා අපිට ගොඩක් වෙලාවට උදෑසන ආහාර වේල මගහැරෙනවා. මේ පුරුද්ද ශාරීරික සුවතාවයට විශාල ලෙස බාධා ඇති කරනවා.

ආහාර පිළියෙල කර ගැනීම හිසරදයක් ද?
උදේ නැගිටිනවා කියන්නෙ අපි හරි අකමැත්තෙන් සිදු කරන දෙයක්නෙ. ඉතිං ටිකක් වැඩිපුර නිදාගෙන උදේටත් නොකා වැඩට දුවන්න අපි පෙළඹිලා ඉන්නවා. ආහාර පිළියෙල කරනවා කියන එක හිසරදයක් කරගන්නේ ඇයි? අපි අපේ ආහාර වේල ඕනවට වඩා සංකීර්ණ කරගෙන. ඉතා ඉක්මනින් වඩාත් පෝෂ්‍යදායි ආහාර වේලක් සකස්කර ගනනේ කොහොමද කියල අපි කියලා දෙන්නම්. උදේ ආහාරයට ධාන්‍ය වර්ගයක් තම්බලා ගත්තොත් කොහොමද? කලින් දවසේ රාත්‍රියට ඒ ධාන්‍ය පෙඟෙන්න දමා තිබුණා නම් පහුවදා පාන්දරට තම්බගන්න ඉතාම පුංචි වෙලාවයි ගත වෙන්නෙ. ප්‍රෙෂර් කුකර් එකක් තිබුණා නම් මේ කටයුත්ත තවත් පහසුයි. ඊට අමතරව කෙසෙල් වැනි පළතුරක් හෝ පළතුරු පානයක් එක්කර ගත්තානම් ඔබ උදේට රජෙක් වගේ ආහාර අරගෙන ඉතාම ප්‍රබෝධයෙන් දවස පටන්ගන්නවා.

බඩ පිරෙන්න කනවද? හිත පිරෙන්න කනවද?
අපි ආහාර ගන්නෙ කුසගින්නට. ඒත් ආහාර ගැනීමේ අවශ්‍යතා අතර කුසගින්න කියන කාරණය ද්විතියිකයි. පළමුවෙන්ම අප ආහාර ගතයුත්තේ පෝෂණ අවශ්‍යතා පිළිබඳ හැඟීමෙන්. එහෙම නැතිවුණෙත් අපි බඩ පුරවන්න උත්සාහ ගන්නවා විතරයි. සාමාන්‍යයෙන් ආහාර වේලෙන් කුසගින්න නිවෙනවා වගේම පෝෂණ අවශ්‍යතාවත් සම්පූර්ණ වෙනවා. ඒ නිසා ආහාරයේ ගුණාත්මක බව කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමෙන් නිරෝගී දිවියක් ගතකරන්න පහසුයි. බඩ පිරවීමෙන් ලැබෙන්නෙ ඉතාම කෙටි සතුටක් . නමුත් ගුණාත්මක ආහාර වේලක් හිත පිරෙන්නට ලබා ගැනීමෙන් දිගුකාලීන සතුටක් ළඟාකරගන්න පුළුවන්.

ආහාර වේලක ප්‍රමාණයයි ගුණයයි දෙකම රැක ගන්නෙ මෙහෙමයි
ආහාර වේල් තුනටම ශාක ආහාරයක් එකතුකර ගැනීමට පුළුවනි නම් ඉතාම හොඳයි. ඊට අමතරව,

    කිරි ආශ්‍රිත නිෂ්පාදන
    මස්, මාලු,කිරි , බිත්තර ආශ්‍රිත නිෂ්පාදන
    එළවළු හා පළතුරු වර්ග
    ධාන්‍ය, අල වර්ග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන

මෙම වර්ගයන්හි ආහාර අඩංගු ආහාර වේලක් ලබාගැනීම කුසගින්නට වගේම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමටත් සුදුසුයි. මීට අමතරව ආහාර වේලට තෙල් ආහරයක් ඉඳහිට එක් කරගත්තාට වරදක් නැහැ. සාමාන්‍යයෙන් අපි ආහාරය සඳහා මිලදී ගන්නා බොහෝ නිෂ්පාදන වල අඩංගු කැලරි ප්‍රමාණය වගේම පෝෂණ සංඝටකත් ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ නිසා තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිල්ලෙන් ආහාර ලබාගන්න පුළුවන්. අහිතකර ආහාර වලින් වැළකී ඉන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙක් දිනකට ලබාගතයුතු පෝෂණ ප්‍රමාණයන් මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්.

    කාබෝහයිඩ්‍රේට 65%
    ප්‍රෝටීන 15%
    මේදය 20%
    විටමින්, ඛණිජ ලවණ, ජලය අවශ්‍ය ප්‍රමාණයට

හොඳම දේ දරුවන්ට
දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් වැඩිහිටියන් වැඩි අවධානය යොමු කළ යුතුයි. එතනදිත් උදේ ආහාරය වැදගත්. පාසල් කාලයේදී දරුවන්ට ලබාදෙන ආහාර වේල පිළිබඳව හෝ රාත්‍රී කාලයේදී ඔවුන්ට ලබාදෙන ආහාර වේල සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් තබන්න බැහැ. දරුවන්ගේ කාර්යක්ෂමතාව රැඳී තිබෙන්නේ අපි ඔවුන්ට ලබාදෙන ආහාර වේලේ ප්‍රමාණයට. අමතර පන්ති, තෙහෙට්ටුව වැනි ගැටළු නිසා දරුවන් දහවල් සහ රාත්‍රී ආහාර සම්බනධයෙන් එතරම් උනන්දු නැහැ. මේ නිසා ඔවුන්ගේ උදේ ආහාරය සම්බන්ධයෙන් සැළකිලිමත් වීම අනිවාර්යයෙන් කළ යුතුයි.

ආහාර පිසීම වගේම ආහාර ගැනීමත් විනෝදයක් බවට පත්කර ගැනීමෙන් මේ කිසිවක් හිසරදයක් බවට පත්වන්නේ නැහැ. සංකීර්ණ ජීවන රටාවන්ගෙන් මිදී ආහාර පිසීම වැනි කාර්යයන් හැකිතාක් පහසු කරගැනීමට උත්සාහ ගන්න. පහසුවෙන් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාගත හැකි ආහාර වර්ග හඳුනා ගන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top