එදිනෙදා ඔබේ ජිවිතයට වැදගත් වන අත්බෙහෙත් කිහිපයක් ගෙදරදීම හදාගන්න හැටි මෙන්න
Tuesday, 07 March 2017 - 12:41 | Views - 5,782
අත්බෙහෙත් කියන්නේ අතීතයේ පටන් පැවත එන දෙයක්. අද කාලේ අපි හැම අසනීපයකටම බෙහෙත් ගන්න පුරුදු වෙලා ඉන්නවා. එත් බොහෝ වෙලාවට අපි ඒ භාවිතා කරන බෙහෙත් වලටත් වඩා අත් බෙහෙත් ඉක්මන් හා ගුණදායකයි. කාලයත් එක්ක මේ අත්බෙහෙත් කියන දේ අද සමාජයෙන් ඈත් වෙලා යනවා..

මේ කියන්න හදන්නේ අපිට අපේ සමේ ඕනෑම ආසාදනයකට භාවිතා කරන්න පුළුවන් අත් බෙහෙත්  වර්ග 5ක් ගැනයි.

සමේ ඇතිවෙන දද

සමේ සමහරවෙලාවට මතුවෙන දද අපිට හුගක් ලොකු කරදරයක් වගේම මානසිකවත් පීඩනයක්. සැරව පවා ගලන අවස්ථා තිබෙනවා. එත් මේ ක්‍රමයෙන් අපිට ඉක්මනටම ඒ කරදරෙන් මිදෙන්න පුළුවන්.
කොලපාට තක්කාලි ගෙඩියකින් පළුවක් ගෙන දදය තිබෙන ස්ථානයේ තබා වෙළුම් පටි වලින් වෙලාගෙන රැයක් ගෙවෙන්න හරින්න.පසුව උදෑසන එය ඉවත් කර බලන්න.  දදයේ තිබුණු සැරව සියල්ල තක්කාලි බෑයට උරාගෙන තිබෙනවා ඔබට දැකගන්න පුළුවන්.


මේ සඳහා රතුපාට තක්කාලි ගෙඩියක් වුවද භාවිතා කල හැකි නමුත් කොලපාට තක්කාලි වලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි වේ.

සමේ ඇතිවෙන දිලීර ආසාදන

සමේ ඇති වන දිලීර තත්ත්ව ද අද සමාජයේ බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඔබ කල යුත්තේ දිනපතා ඔබ තේ පානය සඳහා යොදාගන්නා අමු තේ කුඩු ස්වල්පයකින් දින කිහිපයක් දිනකට කිහිප වතාවක්  එම දිලීර තිබෙන ස්ථාන ඇතිල්ලීම පමණයි. තේ කුඩු වල තිබෙන කැටෂින් නම් බලගතු ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සමේ ඇතිවන දිලීර විනාශ කර දමනවා.


මිට අමතරව තේ ගසින් සිඳගන්නා තෙල් මගින්ද මේ දිලීර ආසාදන තත්වයන් සුවකරගන්න හැකියාවක් තිබෙනවා.

සමේ ඇතිවන තැළුම් හා සිරීම්

රට අසමෝදගම් නමින් අපි හඳුන්වන පාස්ලි කොළ ඉතාමත් ගුණ බෙහෙතක්. එයින් කොළ කිහිපයක් ගෙන හොඳින් තලා සමේ තැලීම හෝ සිරීම සිදුවූ ස්ථානයේ තබා වෙළුම් පටියකින් වේලාගන්න. පැය කිහිපයක් ගතවනවිට ඔබට සුවයක් දැනේවි.



මේ ආකාරයට දින දෙකක් හෝ තුනක් එකදිගට සිදුකිරීමෙන් සම්පුර්ණයෙන්ම ඔබ සුව වේවි.

සමේ රැළි වැටීම් වලට හා අඳුරු ලප කැළැල් වලට

කුරුඳු කුඩු , කිරි සමග මීපැණි කලවම් කර මිශ්‍රණයක් සාදාගෙන පුළුන් කැබැල්ලකින් අදාළ ස්ථාන වල ආලේප කරන්න.ආලේප කරගත් තැන් හොඳින් ඇඟිලි තුඩු වලින් සම්බාහනය කර මිනිත්තු කිහිපයකින් සෝදාහරින්න.


දිනපතා මේ ආකාරයට සිදුකිරීමෙන් ඔබට ඉක්මනින්ම සමේ ඇතිවන රැළි වැටීම් හා අඳුරු ලප කැළැල් නැති කරගන්න පුළුවන් වෙයි.

කුරුලෑ සහ blackheads

කිරිත් සමග සුදුළුණු කලවම් කර පානය කරන්න. ඒ වගේම සුදුළුණු හීනියට කපාගෙන ආසාදන තත්වයන් හෝ කුරුලෑ ඇති ස්ථාන වල අතිල්ලීමෙන්ද ඉක්මන් සුවයක් ලැබේ..

   

මේ අත්බෙහෙත් ඔබේ ජිවිතයට එකතු කරගෙන නිරෝගිව සතුටින් ජීවිතය ගත කරන්න..

උපුටාගැනීම අන්තර්ජාලයෙන්...
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top