යටි පතුල් පැලිලා වේදනාවෙන් පීඩා විඳින ඔබට වටිනා ප්රතිකර්ම කිහිපයක්
Tuesday, 24 October 2017 - 15:08 | Views - 11,883

බොහෝ කාන්තාවන් තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙද්දී සිතන්නේ තමන්ගේ මුහුණ හා වරලස ගැන පමණයි. නමුත් ඔවුන්ට මග හැරෙන දෙයක් තමයි යටි පතුල්. යටි පතුල් පැලීමට ලක්වීම නිසා පීඩා විඳින කාන්තාවන් ඕනෑ තරම් සිටිනවා. ශරීරයේ දැඩි උෂ්ණ සහිත බව නිසාත් ඒ නිසා ඇති වන සමේ වියලි බව නිසාත් වැඩි පුරම මේ තත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ දෙපා වලට නොගැලපෙන පාවහන් පැළඳීමත්, විටමින් ඇතුළු අනෙකුත් පෝෂණයන්ගේ ඌනතාවය නිසාත් දියවැඩියාව හා පොතු කබර තත්ත්වයන් හේතුවෙනුත් යටි පතුල් පැලීම සිදු වෙනවා.
මේ කරදරයෙන් මිදෙන්නට ඔබට නිවසේදීම කරන්න පුළුවන් ස්වභාවික ප්රතිකර්ම කිහිපයක් පිළිබඳවයි මෙම ලිපියෙන් කියවෙන්නේ.
01. කහ
අත් කහ සහ පොල්තෙල් ස්වල්පයක් ගෙන හොඳින් මිශ්ර කර පැලුණු ස්ථානවල ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
02. කෝමාරිකා
කෝමාරිකා කියන්නේ රුපලාවන්ය කටයුතු වලදී වගේම ඖෂධයක් විදියට භාවිතා කරන්න පුළුවන් අමු ද්රව්යක්. හොඳින් පිරිසිදු කර ගත් පැලුණු යටි පතුල් වල කෝමාරිකා මදය අලේප කර විනාඩි 20ත් 30ත් අතර කාලයක් තිබෙන්නට හැර සෝදා හරින්න. දිනපතාන් මේ ප්රතිකාරය කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි.
03. ඔලිව් තෙල්
පැලුණු යටි පතුල් වල දිනපතා ඔලිව් තෙල් අලේප කරන්න. ඉතා ඉක්මනින් ප්රතිඵල ලබා ගන්න පුළුවන්.
04. එළකිරි
එළකිරි කියන්නේ සමට ඉහළ පෝෂණයක් ලබා දෙන දෙයක්. එළකිරි ස්වල්පයක් ගෙන වියලුනු හා පැලුණු යටිපතුල් වල ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
05. දෛනිකව හැකි තරම් ජලය පානය කරන්න.
06. හැකිනම් දවසට දෙවරක් යටිපතුලේ මොයිස්චරයිසින් ක්රීම් ආලේප කරන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article