Facebook පේජ්වලට වලට කන කොකා හැඬවූ අලුත්ම FB Update එක මෙන්න
Thursday, 19 October 2017 - 17:55 | Views - 16,215
ලෝකයම එකතු වෙන මුහුණු පොත එහෙමත් නැතිනම් ෆේස්බුක් සමාජ ජාලය ලොකු කුඩා හැමකෙනාම පාවිච්චි කරනවා.

සමහර අය මිතුරන්ගේ නවතම තොරතුරු දැනගැනීමටත් තමන් ගැන අනිත් අයට  දැනුම් දීමේ මෙවලමක් විදිහටත් මෙය පාවිච්චි කලා.

අපේ රටේ සිටින ප්‍රසිද්ධ පුද්ගලයන්, කලාකරුවන් සහ දේශපාලඥයින්ද මෙම සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී තිබෙන බව කවුරුත් දන්නවා.

ඒ ඔවුන්ටම වෙන්වූ ෆේස්බුක් පිටු (FACEBOOK PAGE) හරහායි.

කාලෙන් කාලෙට මුහුණු පොතෙත් විවිද වෙනස් කම් සිදුවෙනවා. ඔවුන්ගේ නවතම වෙනස ලෙස Explore Feed නමින් අලුත් විශේෂාංගයක් එක්කර තිබෙනවා.

ඒ හේතුවෙන් ලෝකයේම තිබෙන මුහුණු පොතේ පිටු (FACEBOOK PAGE) මගින් නිකුත් කරන පණිවුඩ සහ ඡායාරූප , වීඩියෝ අදින් පසුව දැකගන්න පුළුවන් වන්නේ Explore Feed නමැති අලුත්  විශේෂාංගය හරහායි.

තවද මින් පෙර News Feed හරහා හුවමාරු වූ සියළු දේ මින් පසු දැකගන්නට නොලැබෙන අතර එයින් තම පෞද්ගලික ගිණුම් මගින් පමණක් පළවන දේ පමණක් වෙන්කර පෙන්වීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබෙනවා.

අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින්.


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top