වයසට යෑමේදී නැතිවී යන තරුණ පෙනුම ආරක්ෂා කරගන්නේ මෙහෙමයි
Tuesday, 17 October 2017 - 16:49 | Views - 12,248

වයසට යනවා කියන එක ඕනෑම කෙනෙකුට් මුහුණ දෙන්න සිදුවෙන ස්වභාවික දෙයක්. වයසට යෑමත් සමඟ අපේ පෙනුමද කෙමින් කෙමින් අඩුවෙන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ පෙනුම ගැන ඕනෑවටත් වඩා වද වෙන්නේ නම් කාන්තා පාර්ශවයයි. ඒ විදිහට වයසට ගියත් තමන්ගේ පෙනුම රැක ගැනීමට පුළුවන් සරල ක්‍රම කිහිපයක් පිළිබඳවයි මෙම ලිපියෙන් කියවෙන්නේ.
01. Sunscreen එකක් භාවිතා කරන්න
ඔයාගේ සමේ තරුණ බව රැක ගන්න ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි මේ. ඔයාගේ සමට දැඩි ලෙස අහිතකර හානි සිදු කරන්න හිරු එළියේ ඇති අහිතකර UV කිරණ වලට පුළුවන්. සම මත අඳුරු පල්ලම් ඇති කරන්නත්, සම පිලිස්සිමටත්, භයානක පිළිකා තත්ත්වයන් ඇති කරන්නත් අව් රශ්මියට පුළුවන්. ඒ නිසා හිරු එලියට නිරාවරණය වෙන හැම වෙලාවකම Sunscreen එකක් පාවිච්චි කරන්න.
02. කාර්යබහුල බවෙන් මිදෙන්න උත්සාහ කරන්න
කාර්යබහුල බව නිසා අපි කායිකව වගේම මානසිකවත් වෙහෙසට පත් වෙනවා. මේ හේතු දෙකම අපේ පෙනුමට බාධා කරනවා. ඒ නිසා ඉඳලා හිටලා වත් ඔයාගේ කයට මනසට විවේකයක් දෙන්න. මානසික ආතතියෙන් මිදෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සිංදු ඇසීම, පොත් කියවීම, යාලුවෝ එක්ක විනෝද වීම වගේ දේවල් වලින් ඔයාට මේ කියන කාර්ය බහුල බවෙන් මිදෙන්න පුළුවන්.
03. සීනි භාවිතය අඩු කරන්න
ඔයාගේ වයසට වඩා වයස පෙනුමක් ලබා දෙන දෙයක් තමයි සීනි කියන්නේ. ඒ නිසා සීනි භාවිතය අවම කරන්න. අපි ආහාරයට ගන්න එළවලු සහ පළතුරු වල ස්වාභාවිකවම සීනි යම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. එනිසා ඊට අමතරව සීනි සහිත ආහාර ගැනීමේදී ටිකක් සැලකිලිමත් වෙන්න. සීනි යම් ප්‍රමාණයක් අපේ ශරීරයට අවශ්‍ය කරනවා. ඒ නිසා එය දැඩි ලෙස පාලනය කරන්නත් එපා.
04. වතුර හැකිතරම් පානය කරන්න
ඔයා ඔයාගේ තරුණ පෙනුම රැක ගන්න හිතුවා නම් අනිවාර්යෙන්ම ඊළඟට කරන්න ඕන දෙයක් තමයි වතුර බොන එක. මොකද මුළු රැයක් පුරාවටම ඔයාගේ ශරීරයට ජලය ලැබෙන්නේ නැහැ. උදේම වතුර වීදුරුවක් පානයෙන් ඔයාව විජලනයෙන් වළක්වනවා. ඒ නිසා උදේ අවදි වුනාට පස්සේ පිරිසිදු ඇල් වතුර වීදුරුවක් පානය කරන එක පුරුද්දක් කර ගන්න.
ඊට අමතරව සමේ තෙතමනය රැක ගැනීමට දවස පුරාම අවශ්‍ය පමණ වතුර බොන්න. ඒ අතරවාරෙදී ඔයාගේ වතුර වීදුරුවට ලෙමන් යුෂ ටිකකුත් එකතු කරන්න පුළුවන් නම් ඔයාගේ තරුණ බව රැක ගන්න එය උදවුවක් වේවි.
05. නිතරම හිස කෙස් ෂැම්පු කරන්න එපා
මේක අපේ තරුණියන් ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්. නිතරම කොණ්ඩෙට ෂැම්පු යෙදීම තුලින් අපේ හිස කෙස් වල තියෙන ස්වභාවික තෙල් ගතිය ඉවත්ව යනවා, එහෙම වුනහම හිස කෙස් ඉතා ඉක්මනින් වියලෙන්න ගන්නවා. ඒ වගේම හිස් කබල වියලීම මඟින් හිස් හොරි තත්වයන් ඇති වෙලා ඔයාව අපහසුතාවයට පත් වෙන්නත් පුළුවන්.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article