කහට ගතිය හා මැලියම් ඉවත් කර දත් සුදුවන් කර දෙන ස්වාභාවික ඔසුවක් මෙන්න
Thursday, 12 October 2017 - 9:41 | Views - 56,285

ලස්සන සිනහවක් තරම් මෙලොව සිත්ගන්නා සුළු වෙනත් දෙයක් නැති තරම්.එත් ලස්සන නිරෝගී දත් දෙපලක් නැතිනම් සිනහ වෙන්නට ගොඩක් දෙනා මැලි වෙනවා.වර්තමාන ලෝකයේ අධික කාර්යබහුලත්වයත් එක්ක මිනිසුන් මුඛ සෞඛය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ.

ඒ වගේම මිනිස්සුන්ට තියෙන ආතතිය වගේ දේවල් නිසා මුඛ සෞඛය ගැන හිතන්න වෙලාවක් ඔවුන්ට නැහැ. උදේට බොහෝ විට අපි ගොඩ දෙනෙක් සේවයට යන්න වෙලා තියෙන්නෙත් ගොඩාක් පරක්කු වෙලා.

අද කාලයේ තියෙන ආහාර නිසා දත්වලට වෙන හානිය පවා ඉතා වැඩියි.මෙම ලිපිය කියවන ඔබට වෙලදපොලේ තිඛෙන කෘතීම දත් බෙහෙත් වර්ග වලට එහා ගිය විශ්මිත ප්‍රතිලාභ ඔබට ලබා දෙන ස්වාභාවික දත් ඛෙහෙතක් සාදා ගන්නා ආකාරය දැනගන්න පුළුවන්. මෙම ස්වභාවික ඔසුව සාදා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසේදීම සොයා ගන්න පුළුවන්.

මෙහි ගුණාත්මක භාවය නිසා අවරුදු ගණනාවක සිට මේ ක්‍රමය භාවිතා කර තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ,

1.කහ කුඩු මේස හැඳි දෙකක්

2.පොල් තෙල් මේස හැන්දක්

3.පෙපෙර්මින්ට් තෙල් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

පොල් තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න

ඊට පස්සේ මේ මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න. පෙපර්මින්ට් තෙල් යොදන්නේ මින්ට් රසයක් ගැනීමටයි. මෙය අත්‍යවශ්‍යම නැත

භාවිතා කරන ආකාරය

ඔබේ දත් බුරුසුව වතුරින් තෙත් කර ගන්න. ඉන්පසු දත් බුරුසුව මෙම මිශ්‍රණයට තුලට යම් ප්‍රමාණයක් ගිල්ලවා නැවත අරගෙන දත් මදින්න.

හොදින් දත් ටික මදිමෙන පසු විනාඩි 3-5 කට නොසෝදා සිටින්න. පසුව කට සෝදා හරින්න. නැවත හොදින් මිශ්‍ර කිරීමෙන් පසු ඔයාගේ බුරුසුවේ තවරාගෙන දත් මදින්න.

බොහෝ දෙනෙක්ගේ දන්ත සංවේදීතාවය වැඩියි. කහ වල තියෙන සංකූලතා වලට එරෙහිව සටන් කිරිමේ හැකියාව නිසා කහ භාවිතය ගොඩාක් ප්‍රතිඵල දායකයි. එමනිසා දත් වල බැදුණු මැලියම් හා කහට ගතිය පහසුවෙන් ඉවත් කර ගතහැකියි.

බොහො විට ඔබට මෙහි ප්‍රතිපල පළමු ආලේප කිරීමෙන්ම බලා ගන්න පුළුවන් වේවි. එසේ නොවුනහොත් අනිවාර්යයෙන්ම දින කිහිපයක් එක දිගට භාවිතා කිරීම තුලින් ඔබව පුදුම කරවන ස්වරුපයේ විශාල වෙනසක් ඔබට දැක ගන්නට හැකි වේවි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top