ලස්සන සිනහවක් තරම් මෙලොව සිත්ගන්නා සුළු වෙනත් දෙයක් නැති තරම්.එත් ලස්සන නිරෝගී දත් දෙපලක් නැතිනම් සිනහ වෙන්නට ගොඩක් දෙනා මැලි වෙනවා.වර්තමාන ලෝකයේ අධික කාර්යබහුලත්වයත් එක්ක මිනිසුන් මුඛ සෞඛය ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ.
ඒ වගේම මිනිස්සුන්ට තියෙන ආතතිය වගේ දේවල් නිසා මුඛ සෞඛය ගැන හිතන්න වෙලාවක් ඔවුන්ට නැහැ. උදේට බොහෝ විට අපි ගොඩ දෙනෙක් සේවයට යන්න වෙලා තියෙන්නෙත් ගොඩාක් පරක්කු වෙලා.
අද කාලයේ තියෙන ආහාර නිසා දත්වලට වෙන හානිය පවා ඉතා වැඩියි.මෙම ලිපිය කියවන ඔබට වෙලදපොලේ තිඛෙන කෘතීම දත් බෙහෙත් වර්ග වලට එහා ගිය විශ්මිත ප්රතිලාභ ඔබට ලබා දෙන ස්වාභාවික දත් ඛෙහෙතක් සාදා ගන්නා ආකාරය දැනගන්න පුළුවන්. මෙම ස්වභාවික ඔසුව සාදා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය නිවසේදීම සොයා ගන්න පුළුවන්.
මෙහි ගුණාත්මක භාවය නිසා අවරුදු ගණනාවක සිට මේ ක්‍රමය භාවිතා කර තිබෙනවා.
මේ සඳහා අවශ්‍ය වෙන්නේ,
1.කහ කුඩු මේස හැඳි දෙකක්
2.පොල් තෙල් මේස හැන්දක්
3.පෙපෙර්මින්ට් තෙල් ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
පොල් තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න
ඊට පස්සේ මේ මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න. පෙපර්මින්ට් තෙල් යොදන්නේ මින්ට් රසයක් ගැනීමටයි. මෙය අත්‍යවශ්‍යම නැත
භාවිතා කරන ආකාරය
ඔබේ දත් බුරුසුව වතුරින් තෙත් කර ගන්න. ඉන්පසු දත් බුරුසුව මෙම මිශ්‍රණයට තුලට යම් ප්‍රමාණයක් ගිල්ලවා නැවත අරගෙන දත් මදින්න.
හොදින් දත් ටික මදිමෙන පසු විනාඩි 3-5 කට නොසෝදා සිටින්න. පසුව කට සෝදා හරින්න. නැවත හොදින් මිශ්‍ර කිරීමෙන් පසු ඔයාගේ බුරුසුවේ තවරාගෙන දත් මදින්න.
බොහෝ දෙනෙක්ගේ දන්ත සංවේදීතාවය වැඩියි. කහ වල තියෙන සංකූලතා වලට එරෙහිව සටන් කිරිමේ හැකියාව නිසා කහ භාවිතය ගොඩාක් ප්‍රතිඵල දායකයි. එමනිසා දත් වල බැදුණු මැලියම් හා කහට ගතිය පහසුවෙන් ඉවත් කර ගතහැකියි.
බොහො විට ඔබට මෙහි ප්‍රතිපල පළමු ආලේප කිරීමෙන්ම බලා ගන්න පුළුවන් වේවි. එසේ නොවුනහොත් අනිවාර්යයෙන්ම දින කිහිපයක් එක දිගට භාවිතා කිරීම තුලින් ඔබව පුදුම කරවන ස්වරුපයේ විශාල වෙනසක් ඔබට දැක ගන්නට හැකි වේවි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
66 Views
98 Views
260 Views
159 Views
131 Views
139 Views
149 Views
142 Views
113 Views
179 Views
127 Views
136 Views
213 Views
241 Views
702 Views
99 Views
87 Views
80 Views
57 Views
54 Views