සුදු වෙන්න අකමැති කෙනෙක් නෑ නේ , හැමෝම කැමතියි සුදු වෙන්න. නමුත් මුහුණේ ඇති කුරුලෑ ලප, අව්වට පිළිස්සීම වැනි ප්රශ්ණයන් නිසා එය ඉතා අපහසු කාර්යයක් බවට පත්වී තිඛෙනවා. ඔබගේ සමේ ඇති වියලි ස්වභාවයත් සමග සම අදුරු පැහැයට හැරිම සිදුවනවා. අප පරිසරයේ ඇති අධික උෂ්ණත්වය සම පිළිස්සීමට ප්‍රධාන හේතුවක් වනවා. මෙයට නිසියාකාර විසදුමක් සොයන ඔබට මේ ලිපිය ඉතා වැදගත් වේවි. ඔබගේ සමේ ඇති අඳුරු බව සම්පුරණයෙන්ම ඉවත්කර දැමීමට මෙම ආලේපනයට පුළුවන්. මෙයින් ඔබේ මැරුණු සම ඉවත්කර තෙතමනය සහිත දිදුලන සමක් ලබා ගැනීමට බෙහෙවින් උපකාරී වනවා මෙන්ම කාන්තා පිරිමි දෙපාර්ශවයටම එක වගේ ප්‍රතිඑල ලබාගන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක්.
මෙම ආලේපනය භාවිතා කිරීමෙන් පසුව නැවත ඔබේ සම අව්වට පිච්චෙන්නෙත් නැහැ. පැහැපත් දිදුලන සමක් පවත්වාගෙන යාමට මෙය ඔබට බෙහෙවින් උපකාරී වනවා නොඅනුමානයි.
ආලේපනය සාදාගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
දෙළුම් ඇට මේස හැදී 1ක්
මිදී ගෙඩි 4ක්
කැබලි කපාගත් ඇපල් ගෙඩියෙන් බාගයක්
කැබලි කපාගත් බීට්රූට් ගෙඩියකින් බාගයක්
යෝගට් මේස හැදී 2ක්
සාදාගන්නා ආකාරය
මේ සියල්ල බ්ලෙන්ඩර් එකක් තුලට දමා හොදින් බ්ලෙන්ඩර් කරගන්න. මෙම මිශ්‍රණය රෝසපාටින් යුත් ක්‍රීම් එකක් තරමට පැමිණි පසුව භාජනයකට ඉවත්කරගන්න.
භාවිතා කලයුතු ආකාරය
මෙම මිශ්‍රණය බ්‍රෂ් එකක ආධාරයෙන් මුහුණේ සහ බෙල්ලේ හොදින් ආලේප කරන්න. ඔබට මෙය අත්වල පැහැපත් බව ලබාගැනීම සදහාද භාවිතා කිරීමට පුළුවන්. මෙය ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සොදා හරින්න. මෙමගින් ඔබට පැහැපත් සමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
66 Views
98 Views
260 Views
159 Views
131 Views
139 Views
149 Views
142 Views
113 Views
179 Views
127 Views
136 Views
213 Views
241 Views
702 Views
99 Views
87 Views
80 Views
57 Views
54 Views