මුහුණට ආදරෙයි නම් කවදාවත් මේ වැරදි කරන්න එපා
Monday, 12 August 2019 - 10:55 | Views - 7,122
සුන්දර, පැහැපත් සමක් හිමිකර ගැනීමට සෑම යුවතියක්ම කැමැතියි. ඔබගේ සුන්දරත්වය තවත් වැඩිකර ගැනීමට නිවෙසේදීම කරගත හැකි සත්කාර පිළිබඳව අප නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නේ ඒ නිසාමයි. සුන්දරත්වය දිගින් දිගටම පවත්වා ගැනීමට ඔබ කළ යුතු දේ මෙන්ම නොකළ යුතු දේද තිබෙනවා.

 සිරුරේ සමටත් වඩා මුහුණේ සම ඉතාම සංවේදී බැවින් මුහුණට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඔබගේ සුන්දරත්වය ඔබගේ දෑතින්ම අහිමි කරවන මෙම අත්වැරදීම් ඔබත් සිදුකරනවා නම් අදම එම පුරුදුවලින් අෑත්වීමයි වඩා යෝග්‍ය වන්නේ.

සම නිතර නිතර ස්ක්‍රබ් කිරීම

සම ස්ක්‍රබ් කිරීමෙන් සමේ මැරුණු සම ඉවත්ව සම පැහැපත් වන බව ඔබ දන්නා කරුණක්. බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් ඉවත් කිරීමටද සම ස්ක්‍රබ් කළ යුතුය. නමුත් නිතර නිතර මුහුණ ස්ක්‍රබ් කිරීම නිසා සම සීරීමට ලක්ව සමට හානිවීමට ඉඩ තිබෙනවා. එවිට සම ඉතාම ඉක්මනින් විවිධ ආසාදනවලට ලක් වෙනවා. එසේම නිතර නිතර ස්ක්‍රබ් කිරීම නිසා මුහුණ වියළී යෑමටද ඉඩ තිබෙනවා. සතියකට වරක් හෝ දෙවරක් ඉතා මෘදු ලෙස මුහුණ ස්ක්‍රබ් කිරීම වඩා යෝග්‍යයි.

අන්තර්ජාලයේ ඇති සෑම රූපලාවණ්‍ය සත්කාරයක්ම උත්සාහ කිරීම.

අන්තර්ජාලය තුළ විවිධ වූ අංශවලින් විවිධ රූපලාවණ්‍ය සත්කාර ඕනෑතරම් තිබෙනවා. නමුත් අපගේ සමට අප කරගත යුතු ඇතැම් සත්කාර වෘත්තීය නිපුණත්වයකින් යුතුව කළ යුතුයි. එවැනි සත්කාර හිතුමනාපයට අනුව නිවෙසේ තනිව සිදුකිරීමට යෑමෙන් සිදුවන්නේ සමට  හානි වීමයි.

මුහුණට සබන් භාවිත කිරීම

මුහුණ පිරිසුදු කිරීමට සබන් භාවිත කිරීම නිසා මුහුණේ තිබෙන ස්වාභාවික තෙල් සහ තෙතමනය කෙමෙන් කෙමෙන් වියැකී සම වියළීමට ලක්වෙනවා. එසේම සබන් භාවිතය නිසා සම මත අසාත්මිකතාද මතු වීමට ඉඩ තිබෙනවා.

උණු වතුරෙන් මුහුණ සේදීම

උණු වතුරින් ශරීරය සේදීමට අප ප්‍රියතාවක් දක්වනවා. උණු වතුරෙන් මුහුණ සේදීම නිසා සමේ සංවේදීතාව ඉහළ යනවා.

එසේම සමේ ස්වාභාවික තෙල් ඉවත්ව සම වියළීමට ලක්වනවා. මුහුණ මෙන්ම සිරුරද නිතර නිතර උණු වතුරෙන් සේදීමෙන් සිරුරේ සමද වියළීමට ලක්වනවා.

ෆේස් පැක් අවශ්‍ය කාලයට වඩා වැඩි වේලාවක් තැබීම

නිවෙසේදී සාදාගන්නා ෆේස් පැක් හෝ වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ෆේස් පැක් මුහුණේ ආලේප කොට තැබිය යුතු කාලයක් තිබෙනවා. බොහෝවිට ෆේස් පැක් විනාඩි 20, 15,10 යන කාල සීමාවක් තැබිය යුතුයි. නමුත් ඇතැම් යුවතියන් මෙම කාලයට වඩා වැඩි වේලාවක් ෆේස් පැක් මුහුණේ තබාගන්නවා. ඒ මත මුහුණ වියළීමට හෝ වෙනත් ගැටලු මතුවීමට ඉඩ තිබෙනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,151 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,918 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,701 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
කොරෝනා නිසා මාස තුනක්ම නිවාඩුවේ ඉඳලා අතරමඟ නතර කරපු කලා කටයුතු නැවත පටන් ගත්තා....
Hiru Tv Blog
අනිවාර්යයෙන්ම ඔව්. අද වෙන විට ලෝකයේ හැම කාන්තාවක්ම වගේ තමන්ගේ බාහිර පෙනුම ලස්සනට...
Hiru Tv Blog
ශලනි තාරකා කියලා කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top