අව් රශ්මියේ යන විට ඇස් ගැනත් සිතන්න
Monday, 12 August 2019 - 9:52 | Views - 701
ශරීරයට අහිතකර අව් රශ්මියක් පවතින අවස්ථාවක ඇස්වලට සිදුවන බලපෑම ඉතා වැඩිය. සමහර විටෙක තම දෙනෙත් අන්ධ කිරීමට තරම් බලපෑමක් මෙම අහිතකර අව් රශ්මිය බලපෑ හැකිය. අව් රශ්මිය පවතින කාල වකවානුවේ තම දෙනෙත් පරිස්සම් කරගන්නේ කෙසේද? මේ ඒ සම්බන්ධයෙන් සකස් කළ ලිපියකි.
 
ශරීරයට හිතකර නැති අව් රශ්මියෙන් ඇස්වලට බලපෑමක් තියෙනවාද
 
ඔව්, ඇස්වලට බලපෑමක් තියෙනවා. වයස්ගත අයටයි, කුඩා දරුවන්ටයි මේ අව් රශ්මිය වැඩි වශයෙන් බලපානවා.
 
අහිතකර අව් රශ්මිය පවතින කොට ඇස්වලට බලපෑම් ඇතිවන බව පෙන්වන රෝග ලක්ෂණ මොනවාද?
 
අහිතකර අව් රශ්මිය තියෙන වෙලාවේ ගමන් බිමන් යනකොට ඇස් දැවිල්ල ගන්නවා. ඇස් වටේ පුංචි පුංචි ගෙඩි මතු වෙන්න පුළුවන්. කබ වැඩිපුර එනවා. විෂබීජ ඇස්වලට ඒමෙන් වෙනත් රෝගාබාධ ඇතිවිය හැකියි. ඇස් කසන්න ගන්නවා.
 
ඇස්වලට වන බලපෑමෙන් වැළකෙන්නේ කොහොමද?
 
අධික අව් රශ්මිය පවතින කාලයට වැඩි වැඩියෙන් වතුර බොන්න ඕනෑ. අඩුම තරමින් දවසකට වතුර ලීටර් 3 ක් වත් බොන්න ඕනෑ. පුළුවන් තරම් මේ අව් රශ්මිය තියෙන කාලයට ගමන් බිමන් යෑමෙන් වළකින්න. අවශ්‍යම ගමනක් නම් ඒ ගමන ගිහින් ඇවිත් ඇල් වතුරෙන් හොඳට මුහුණ සෝදන්න. ඒ වගේම ගමනක් බිමනක් යන කොට හොඳ ප‍්‍රමිතියෙන් යුතු අව් කණ්ණාඩියක් පැළඳගෙන යන්න. ඒ වගේම යතුරුපැදියකින් ගමනක් යනවා නම් හෙල්මටය දානකොට අව් කණ්ණාඩියක් පැළඳගෙන යන්න.
 
මේ දැඩි අව් රශ්මියක්, අධික රශ්නයක් තියෙනකොට මොන වගේ ආහාර ද මොන වගේ පාන වර්ග ද පානය කිරීමට සුදුසු?
 
පලතුරු බීම, අඹ, දොඩම්, කැකිරි, කොමඩු, කැරට් වැනි දෑ හදලා බොන්න. ඒවා ඇස්වලට හොඳයි. ඒ වගේම මුරුංගා කොළ හොදි හදලා බත් එක්ක කන්න. යාපනයේ කරපු ලොකු සමීක්‍ෂණයකින් හෙළිවෙලා තියෙනවා මුරුංගා කොළ හොදි හොඳයි කියලා.
 
අධික අව් රශ්මිය පවතින වෙලාවක අත්‍යවශ්‍යම ගමනක් යන්න තියෙනවා නම් අඳින්න සුදුස මොන වගේ ඇඳුමක්ද?
 
කපු, ලිනන් වගේ ඇඳුම් ඇඳගෙන යනවානම් හොඳයි. ඒ වගේම එළියේ ගමන් යනවානම් කුඩයක් ඉහළාගෙන යන්න. කොහොම වුණත් කියන්න තියෙන්නේ ශරීරයට අහිතකර අව් රශ්මිය තියෙන කොට ගමන් බිමන් යෑමෙන් වළකින්න කියලයි.
 
අව් රශ්මිය තියෙන වෙලාවට ගමන් බිමන් ගිහින් ඇස්වල අමාරුවක් ආවොත් මොන වගේ ප‍්‍රතිකාරයක් ද කරන්න අවශ්‍ය?
 
ඉක්මනින් කොළඹ ඇස් රෝහලට හරි ළඟම තියෙන රජයේ රෝහලක් වෙත යන්න. වෙනත් වෙනත් බෙහෙත් වර්ග ඇස්වලට දාන්න එපා. අනිත් එක තමයි ගස්වල ඇති කිරි අරන් ඇස්වලට දාන්න යන්න එපා. එහෙම දාන්න ගිහින් ඇස් වණ වෙන්නත් පුළුවන්.
 
ඒ වගේම තමයි විවිධ ආලේපන වර්ග ඇස් වටා ගාන්න යන්න එපා.
Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,145 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,907 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,698 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
කොරෝනා නිසා මාස තුනක්ම නිවාඩුවේ ඉඳලා අතරමඟ නතර කරපු කලා කටයුතු නැවත පටන් ගත්තා....
Hiru Tv Blog
අනිවාර්යයෙන්ම ඔව්. අද වෙන විට ලෝකයේ හැම කාන්තාවක්ම වගේ තමන්ගේ බාහිර පෙනුම ලස්සනට...
Hiru Tv Blog
ශලනි තාරකා කියලා කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top