මුහුණේ ඇතිවු ලප කැළැල් විශ්මිත ලෙස ඉවත් කරන ස්වභාවික ප්‍රතිකර්මයක් මෙන්න
Wednesday, 11 October 2017 - 10:53 | Views - 16,006
අනතුරකින් සිදුවුන තුවාල නිසා හෝ කුරුලෑ නිසා මුහුණේ ලප කැළැල් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් එම කැළැල් මුහුණෙන් ඉවත් කරගැනීමට නොහැකිව ඔබ අපහසුතාවයට පත්වන බවනම් නිසැකයි. මෙම ලිපියෙන් කියවෙන්නේ ස්වභාවික ප්‍රතිකර්මයක් මගින් මුහුණේ ඇතිවු ලප කැළැල් ඉවත් කරගන්නා ආකාරයයි.
අවශ්‍ය ද්‍රව්‍ය
මී පැණි තේ හැඳි 4 යි
බිත්තර සුදු මද 1 යි
ලෙමන් යුෂ තේ හැඳි 4 යි
සකසා ගන්නා ආකාරය
සියලූ අමුද්‍රව්‍ය එකට හොඳින් මිශ්‍ර කරන්න. ලප කැළැල් ඇති ස්ථානයේ ගලවා විනාඩි 15 ක් පමණ තබා සම හොඳින් සෝදා ගන්න. සතියකට වරක් බැගින් කිහිප විටක් මෙය භාවිතා කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵල ඔබව මවිත කරාවි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article