දවසකට බිත්තර 3ක් කන්න හොඳ ද? නැද්ද? මෙය ඇසුවොත් ඔබ පුදුම වේවි
Wednesday, 11 October 2017 - 9:11 | Views - 57,054
පොල් තෙල්, අලිගැටපේර වගේම බිත්තර කන එක නිරෝගී දිවිපැවැත්මකට හොඳ නෑ කියලා තමයි හැමෝම හිතුවේ.
හැබැයි දැන් හොයාගෙන තියෙනවා, මේ අහාර ශරිරයට ඉතාමත් හොඳයි කියලා.

දවසකට බිත්තර තුනක් කන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයිලු.
කෙනෙක්ට කියන්න පුළුවන් බිත්තර කන එක ශරීරයේ කොලොස්ටරෝල් ප්‍රමාණය වැඩි කරනවා කියලා.
ලොකු බිත්තරයක සාමාන්‍යයෙන් කොලෙස්ටරෝල් මිලිග්‍රැම් 180-186 ක ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා.

අක්මාව කොහොමත් දවසකට කොලෙස්ටරෝල් මිලිග්‍රැම් 1000-2000 අතර ප්‍රමාණයක් නිපදවනවා.
ඉතින් බිත්තර කෑවහම වෙන්නේ අක්මාව නිපදවන කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන එකයි.

බිත්තර කෑමට ගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන

කොලේස්ට්රෝල්

බිත්තර කන එක හොඳ නෑ කියන්න හැමෝම ඉදිරිපත් කරපු කාරණාව තමයි බිත්තර ඇඟේ කොලේස්ට්රෝල් ප්‍රමාණය වැඩි කරනවා කියන එක.
ඇත්තටම බිත්තර වලින් මොලයේ වර්ධනයට, විටමින් D නිෂ්පාදනයට වගේම ටෙස්ටෙස්ටරෝන්, ඊස්ට්රජන් නිෂ්පාදනයට උදව් වෙන හොඳ කොලේස්ට්රෝල් වර්ගයක් අඩංගු වෙනවා.

පෝෂ්‍ය පදාර්ථ

බිත්තර කියන්නේ පෝෂණය අතින් ඉහල ආහාරයක්. විටමින් A, E, B-12, යකඩ, මැග්නීසියම්, තයමින්පොස්පරස් වගේ ශරීරයට අවශ්‍ය ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ බිත්තර වල තියෙනවා.

ඇස් පෙනීම වර්ධනය කරයි

ඇස් පෙනීම වර්ධනය කරලා හිරු එළියෙන් වෙන හානි අවම කරනවා වගේම ඇසේ සුද ඇතිවීමේ ප්‍රවනතාවය 50%කින් විතර අඩු කරනවා.

මස් පිඩු වර්ධනයට

හොඳින් මස් පිදු වර්ධනය කරගන්නත් පුළුවන් කම ලැබෙනවා බිත්තර ආහාරයට ගන්න එකෙන්.

අස්ථි වර්ධනයට

ශරීරයේ අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම්, විටමින් Dත් බිත්තර වල තියෙනවා.

ශරීරයේ බර අඩු කරන්න උදව් වෙනවා

වෙනත් ප්‍රෝටීන් බහුල ආහාර වගේ නෙමෙයි අඩු කැලරි ප්‍රමාණයක් තියෙන බිත්තර කෑවහම වැඩියෙන් බඩ පිරෙනවා.

ඉතින් බර අඩු කර ගන්න DIET කරන කට්ටියටත් බිත්තර කන එක ගොඩාක් හොඳයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top