මේ පුංචි වැරදි නිසා මොහොතකින් ඔබේ ජීවිතය කණපිට හැරෙන්නට පුළුවන්
Tuesday, 10 October 2017 - 10:01 | Views - 7,480
ජීවිතය කියන්නේ මොහොතකින් වරදින්න පුළුවන් දෙයක්. වරද්දගන්න ලේසි වුනාට නැවත ඒ වැරැද්ද හදාගන්න එකනම් ලේසි දෙයක් නෙමෙයි. විවාහ ජීවිතයේත් නිතරම ප්‍රශ්න ඇති කරගන්න දැන් කාලයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න දුරදිග ගියොත්නම් ඔබ දෙදෙනාගේම ජීවිත නිකරුණේ විනාශ වන්නට ඉඩ තිබෙනවා. ඔබට මේ පුරුදු අදම නවත්තගන්න පුළුවන්නම් ඔබේ විවාහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකිවේවී.

01. සැමියාගේ පුංචි පුංචි වැරදිත් මතක තියාගෙන ඉන්න එක

සමාව දීම වගේම අමතක කිරීමත් විවහා ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන දෙයක්. එහෙම නැතුව සැමියා අතින් වෙන පුංචි පුංචි වැරදිත් මතක තියාගෙන ඉඳලා ඒ දේවල් මතක් කරලා සැමියත් එක්ක ප්‍රශ්න ඇතිකර ගන්නවා නම්, ඔබට සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන එක හීනයක් විතරයි.

02. සැමියාව සැක කිරීම

ඔබ හිතනවා නම් බිරිඳ ලෙස ඔබට අයිතියක් තියෙනවා කියලා ඔහුව සැක කරමින් ඔහුගේ හැම පෞද්ගලික දෙයක් ගැනම සොයා බලන්න, ඔබට කිසිම දවසක ඔහුත් සමඟ සතුටින් ඉන්න ලැබෙන එකක් නැහැ. ඕනෙම කෙනෙක්ට තියෙන්න ඕනේ පෞද්ගලිකත්වයක්. ඔහු ඔබේ සැමියා උනා කියලා ඔබට බැහැ අනවශ්‍ය විදිහට ඔහුගේ පෞද්ගලිකත්වය නැති කරලා දාන්න. ඒ නිසා ඔබේ සිමාවන් තේරුම් අරගෙන කටයුතු කරන්න.

03. ඔහුගේ පවුලේ අයට ගරු කරන්නේ නැති නම්

සමහර කාන්තාවන් ඉන්නවා ඔවුන් කිසිම අවස්ථාවක සැමියාගේ පවුලේ අයගේ හොඳක් දකින්න කැමති නැහැ. නිතරම ඔවුන්ගේ වැරදි කියමින් සැමියාට කරදර කරනවා. මේ වගේ කාන්තාවන් මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපි කවුරු වුනත් කැමති නැහැ අපේ පවුලේ අයට කෙනෙක් වැරදි කියනවට. ඉතින් ඒ වගේම තමයි ඔබේ සැමියත් කිසිම දවසක කැමති වෙන එකක් නැහැ ඔබ ඔහුගේ පවුලේ අයට දොස් කියනවට.

04. තැනක් නොතැනක් නොබලා ඔහුත් එක්ක ප්‍රශ්න ඇතිකර ගැනීම

අපේ පවුල් ජීවිත ඇතුලේ මොන තරම් ප්‍රශ්න තිබුනත් ඒ දේවල් දන ගන්න ඕනේ ඔබත් සැමියත් පමණයි. එහෙම නැතුව හැමෝම ඉස්සරහ රණ්ඩු වෙලා ප්‍රශ්න විසඳ ගන්න උත්සහ කරන කාන්තාවක් නම් ඔබ ඔබට ප්‍රශ්න විසඳා ගන්න එක කෙසේවෙතත් වෙන්නේ විවහා ජීවිතයත් කෙලවර කරගෙන ප්‍රශ්න ගොඩක පැටලෙන්න.

05. ඔහු කරන දේවල් වල හොඳක් දකින්න බැරිනම්

ඔහු කරන දේවල් වල අඩුපාඩු දකින කෙනෙක් නම් ඔබ. ඒ ගැන ඔහුට නිතර දොස් කියනවා නම්, ඔහුට ඉක්මනින්ම ඔබව එපා වේවි. ඔහුට ඔබව එපා වෙනවා කියන්නේ ඔබේ විවහා ජීවිතය අතරමඟ නවතින්න එය හේතුවක්.


06. වැරදි වෙලාවට වැරදි දේවල් කතා කිරීම

අපිට යමක් කතා කරන්න ඕනේ නම් එකට සුදුසු වෙලාව අපි හරියට තෝර ගන්න ඕනේ. එහෙම නැතුව සැමියත් එක්ක ප්‍රශ්න ගැන කතා කරන්න ගියොත් ප්‍රශ්න තවත් වැඩි වෙන එක මිසක් විසඳුමක් නම් හොයාගන්න බැරි වේවි.

07. සැමියාව ගණන් නොගැනීම

කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ට පිළිගැනීමක් නැති අයත් එක්ක ජිවත් වෙන්න. ඔබත් සැමියාව ගණන් ගන්නේ නැති කාන්තාවක් නම් වැඩි කාලයක් යන්න කලින් සැමියා ඔබව අත්හැර දමාවි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top