ඔබ දැනුමෙන් සන්නද්ධද ?දැනුමින් පිරිපුන්ද ?එහෙනම් මෙන්න ක්‍රීඩාකර ඔබේ දැනුමත් මැනගන්න
Monday, 09 October 2017 - 20:04 | Views - 3,302
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමඟින් ශ්‍රී ලංකාව පුරා සිටින අපූර්ව හැකියාවෙන් යුත් හපන්කම් තිබෙන ළමා බුද්ධිමතුන් එක්තැන් කරමින් ඔබ වෙත ගෙන එන රූපවාහිනී වැඩසටහන හිරු නැණ කිරුළයි.

මෙයට සමගාමීව ඔබ දැනුමෙන් සන්නද්ධද යන්න සහ දැනුමින් පිරිපුන්ද යන්න සොයා බැලීමට ලොකු පොඩි සැමට කදිම ක්‍රීඩාවක් හිරු මාධ්‍ය ජාලය විසින් මේ වන විට ක්‍රියාත්මකයි.

මෙම ක්‍රීඩාවේ නිරත වීම සඳහා මුලින් ඔබ ලියාපදිංචි වීම අනිවාර්යයි. එයට ඔබේ නම , දුරකථන අංකය සහ විද්‍යුත් ලිපිනය අවශ්‍ය අතර පසුව මෙම ක්‍රීඩවේ යෙදී ඔබේ දැනුමද වර්ධනය කර ගැනීමට ඔබට පුළුවන්.

ඔබට ලැබෙන ප්‍රශ්ණ සඳහා නියමිත කාලයක් ඔබට ලැබෙන අතර ඔබේ පිළිතුරු නිවැරදිද යන්න ලැබෙන කාලය නිමවූ පසු තිරයේ දිස්වෙනවා.

හිරු නැණ කිරුළ වැඩසටහන සහ මෙම ක්‍රීඩාව ශ්‍රී ලාංකේය අපගේ බලාපොරොත්තුව වන මීළඟ පරම්පරාවේ අධ්‍යාපනික තත්වයට අනුප්‍රාණයක් ලබාදෙමින් ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවන්නට මනා පිටිවහලක් වනවා නොඅනුමානයි.

උත්කෘෂ්ඨ සහජ බුද්ධියට පිදෙන හිරු උත්තමාචාරය හිරු නැණ කිරුළ වැඩසටහන සෑම ඉරිදා දිනකම සවස 5.55ට හිරු ටීවී තුළින් නරඹන්න.

හිරු නැණ කිරුළ ක්‍රීඩාවේ යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූප පහතින්...

ක්‍රීඩාකිරීමට මෙතනින්..

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top