දියවැඩියාව අජීවී දරු උපත්වලට ප‍්‍රධාන හේතුවක්
Monday, 05 August 2019 - 16:54 | Views - 1,310
කාන්තාවන් දියවැඩියා රෝගයෙන් පෙළීම අජීවී දරු උපත්වලට ප‍්‍රධාන හේතුවක් විය හැකි බව අලූත්ම සමීක්ෂණයකින් හෙළිවී ඇත.
 
 දියවැඩියාවෙන් පීඩා විඳින මවක් අජීවී දරුවකු බිහි කිරීමට ඇති ඉඩකඩ, නිරෝගී මවක් අජීවී දරුවකු බිහි කිරීමට වඩා හතර ගුණයකටත් වඩා අධික මට්ටමක පවතින බව එම සමීක්‍ෂණ වාර්තාව පවසයි.
 
 ගර්භනී සමයෙහි කාන්තාවකගේ රුධිරයේ සීනි මට්ටම අධි මාත‍්‍රාවක පැවැත්ම අජීවී දරු උපත්වලට හේතු වියහැකි අනතුරුදායක කාරණයක් බවත් එම වාර්තාවේ දැක්වෙයි.
 
 ඉහත කී සමීක්ෂණය සිදුකළ ‘ග්ලාස්ගෝ‘ සරසවියේ පර්යේෂකයන් ස්කොට්ලන්තයේ දියවැඩියාවෙන් පෙළෙන මව්වරුන් හාර දහසකට ආසන්න සංඛ්‍යාවක වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන ඇත.
 
 දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන්ගේ උසට සරිලන බර දැක්වෙන දර්ශකය (BMI) මෙහිදී ඉතා තීරණාත්මක කාරණයක් වන බවත් සමීක්ෂකයෝ පෙන්වා දෙති.
 
 දියවැඩියාව සහිත මව්වරුන් විසින් ප‍්‍රසූත කරන ලද එවැනි අජීවී බිලිඳු උපත්වලින් තුනෙන් එකක්ම වෛද්‍යවරුන් විසින් ප‍්‍රකාශ කරන ලද කාල පූර්ණයත් සමඟ සිදුව ඇති බවත් එම සමීක්ෂකයන් විසින් සොයාගනු ලැබ ඇත.
 
 ‘‘දරුවන් ප‍්‍රසූත කරනු ලැබීම සඳහා කාන්තාවන්ට ඇති හොඳම කාලය තුළ (එය වයස අවුරුදු විස්ස සහ තිස්පහ අතර කාලය යයි සැලකෙයි) ශරීරයේ බර සහ රුධිරයේ සීනි මට්ටම ශුභවාදී තත්ත්වයක පවත්වා ගැනීම සඳහා හොඳම ක‍්‍රමෝපායයන් හඳුන්වා දීම අතින් සෞඛ්‍ය සත්කාරක වෘත්තිකයන් විධියට අපට තීරණාත්මක වගකීමක් පැවරෙනවා. එවැනි පසුබිමක් තුළ කාන්තාවක් සැලසුම් සහගතව හෝ එසේ නැතිව ගැබ් ගත්තොත්, ඔවුන් ඊට මුහුණ දීමට හොඳ තත්ත්වයකයි ඉන්නේ. එතකොට අසතුටුදායක ප‍්‍රතිඵල සඳහා ඇති අවදානම අවම කර ගන්න පුළුවන් වෙනවා’’ ග්ලාස්ගෝ සරසවි සමීක්ෂණයේ නියමුවරිය වන වෛද්‍ය ෂරෝන් මැකින් (Dr Sharon Mackin) පවසයි.
 
 ‘‘දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවන් මෙය සිතේ තබා ගැනීම වැදගත්. ඉක්මනින් පිළිසිඳ ගැනීමක් ගැන සැලැස්මක් නොමැති තත්ත්වයක් යටතේ වුණත්, ඔවුන්ට දරු ගැබක් පිළිසිඳ ගැනීමට පෙර සුදුසු සායනික උපදෙස් ලබාගැනීමේ හැකියාව තියෙනවා’’ වෛද්‍ය ෂරෝන් මැකින් වැඩිදුරටත් සඳහන් කරයි.
 
 වෛද්‍යවරිය තවදුරටත් මෙසේ උපදෙස් සපයයි.
 
 ‘‘දියවැඩියා රෝගය සහිත කාන්තාවන් ඔවුන්ගේ සායනවලට යා යුතුයි. ඔවුන් ගැබ් ගෙන ඇති බව තහවුරු වූ වහාම අපට ඔවුන් පරීක්ෂා කරලා කල්තබාම උදව් වෙන්න පුළුවන්’’
 
 1998 සහ 2016 අතර කාලය තුළ ස්කොට්ලන්තයේ මව්වරුන් 3,847 දෙනකු විසින් ප‍්‍රසූත කරන ලද බිලිඳුන් 5,392 ක් ‘ග්ලාස්ගෝ’ සරසවි සමීක්ෂකයන් විසින් හඳුනා ගනු ලැබ ඇත.
 
 ඔවුන්ගේ නිරීක්ෂණ අනුව, නිරෝගී මවුරුන්ට සාපේක්ෂව, පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත මවක් සජීවී බිලිඳකු ප‍්‍රසූත කිරීමට වඩා අජීවී බිලිඳකු ප‍්‍රසූත කිරීමට ඇති ඉඩකඩ තුන් ගුණයකටත් වඩා වැඩි අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත මවක් අජීවී බිළිඳකු ප‍්‍රසූත කිරීමට ඇති ඉඩකඩ යටත් පිරිසෙන් එහි හතර ගුණයක් වෙයි.
 
 පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප‍්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 16.1 ක් විය.
 
 ඒ අතර, දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ දරු ප‍්‍රසූතීන් දහසක අජීවී දරු උපත් අනුපාතය 22.9 ක් විය.
 
 පොදුවේ සමස්ත මව්වරුන්ගේ ප‍්‍රසූතීන් සංඛ්‍යාව ගත්විට දරු උපත් දහසකට අජීවී දරු උපත් අනුපාතය දහසකට 4.9 ක් විය.
 
 අජීවී දරුවන් ප‍්‍රසූත කළ පළමු ගණයේ (type 1) දියවැඩියාව සහිත කාන්තාවන් ඔවුන්ගේ ගර්භනී කාලය පුරාම රුධිරයෙහි පැවතිය යුතු සාමාන්‍ය ප‍්‍රමාණය ඉක්මවා සීනි පැවති අය වෙති.
 
 ඒ අතරම, ගැබ් ගැනීමට පෙර රුධිරයේ සීනි මට්ටම දෙවැනි ගණයේ (type 2) දියවැඩියාව සහිත කාන්තාවන්ගේ අජීවී දරු ප‍්‍රසූතීන් පිළිබඳව වඩාත් වැදගත් පුරෝකථනයක් වෙයි.
 
 වැඩිම බර සහ අඩුම බර සහිත දරු උපත් ඉතා දැඩි අනතුරුදායක තත්ත්වයක වූ බව (Diabetologia) සඟරාවේ පළ කරනු ලැබ ඇති සමීක්‍ෂණ වාර්තාවෙන් කියැවෙයි.
 
 එක්සත් රාජධානියේ දියවැඩියා ආයතනයේ (Diabetes UK) පර්යේෂණ සන්නිවේදන අංශයේ ප‍්‍රධානී වෛද්‍ය එමිලි බර්න්ස් (Dr Emily Burns) මෙසේ පවසන්නීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top