අමුතුම වීඩියෝවට හිටපු සුරූපී රූ රැජිනගේ "රූ රැජින සම්මානය" අහෝසි කරයි
Thursday, 05 October 2017 - 9:20 | Views - 7,325
රෝහින්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම හේතුවෙන් "රූ රැජින සම්මානය" අහිමිවූ රූ රැජිනක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Shwe Eain Si නමැති 19 හැවිරිදි ඇය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සංවිධායකයන් විසින් අදාළ වීඩියෝව හරහා කොන්දේසි උල්ලංඝනය වී ඇති බවට දැනුම් දී ඇය ජයග්‍රහණය කර තිබූ රූ රැජින කිරුළ අහෝසි කර ඇති බවයි.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින බවයි.

'අර්සා' සන්නද්ධ කණ්ඩායම් මියන්මාර් ආරක්ෂක මුර පොළවලට එල්ල කරන ලද ප්‍රහාර සමඟ පසුගිය අගෝස්තු 25 දා පටන් 'රකයින්' පළාතේ පැතිර ගිය ප්‍රචණ්ඩ ගැටුම් නිසා ලක්ෂ පහකට අධික රෝහින්ග්‍යා ජනතාව අසල්වැසි බංග්ලාදේශයට පළාගියා.

කෙසේ වෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් මියන්මාර හමුදාව ප්‍රකාශ කරන්නේ තම ඉලක්ක බවට පත්ව ඇත්තේ රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් පමණක් බවයි.

මෙම තත්වය පිළිබඳව Shwe Eain Si විසින් සැකසූ වීඩියෝව පහතින්.

Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top