වදමල් යුෂවල තිබෙන මේ රහස් ගැන ඔබ දන්නවාද? කොලෙස්ට්‍රොල් රෝගීන් කියවිය යුතුම ලිපියක්
Monday, 02 October 2017 - 15:40 | Views - 24,981
වද මල් යුෂ අප එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ වදමල සතුව පවතින තවත් සුවිශේෂිවු හැකියාවක් පිළිබඳවයි. සාමාන්‍ය වද මල්වල යුෂ මගින් රුධිරයේ ඇති කොලෙස්ට්‍රොල් ප්‍රමාණය අවම කිරීමට සමත්වන නව පරීක්ෂණ මගින් සොයාගෙන ඇත.
වදමල් යුෂවල අන්තර්ගත සමහර රසායනික සංයෝගවලට රුධිරයේ ඇති කොලේස්ට්රෝල් ඇතුළු අඩු ඝනත්ව "ලිපොප්‍රෝටීන" ප්රමාණය් අවම කල හැකිබව පර්යේෂණ කණ්ඩායම් සොයාගෙන ඇත.
සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයට අනුව හදවත් රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා වදමල් යොදාගැනීම ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිවානය වැනි ආසියාතික රටවල සුලභව දක්නට ලැබෙනවා. නමුත් වදමලේ මේ ගුණය විද්‍යාත්මක සනාථ කල පළමු වතාව මෙය බවට පර්යේෂකයන් පෙන්වා දෙයි.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article