ලස්සන වෙන්න කැමැති නම් රාත්‍රියට මේ දේවල් කරන්න
Thursday, 25 July 2019 - 9:27 | Views - 17,872
කාර්යබහුලත්වය නිසාවෙන් අද බොහෝ තරුණියන් රූපලාවණ්‍ය සත්කාරවලට යොමු වන්නේ රාත්‍රි කාලයේදීයි. එනිසාවෙන්ම අද අපි ඔබට කියන්නේ නිවෙසේදීම ඔබට ඉතා පහසුවෙන් සකසා ගත හැකි රාත්‍රි ආලේපන සහ සීරම් පිළිබඳවයි. මෙම සත්කාර ඔබේ සමට මනා පෝෂණයක් ලබාදෙන අතරම ඔබ නොසිතන තරමේ පැහැපත් බවක් එක් කරාවි.

රාත්‍රී ආලේපන

කෝමාරිකා ජෙල් මේස හැන්දක්, කස්තුරි කහ මේස හැන්දක් සහ විටමින් ඊ කරල් තුනක් ගෙන එකිනෙක මිශ්‍ර කරන්න. සාදාගත් එම මිශ්‍රණය රාත්‍රි කාලයේදී මුහුණේ ආලේප කරන්න. මෙම මිශ්‍රණය සුළං නොවදින සේ භාජනයක බහා තැබීමෙන් සතියක පමණ කාලයක් භාවිතයට ගත හැකිය.

ආමන්ඩ් ඇට කිහිපයක් බ්ලෙන්ඩර් කර ගන්න. එයට යෝගට් හෝ මුදවාපු කිරි මේස හැඳි තුනක්, අඹරාගත් දෙහි ලෙල්ලක්, මී පැණි තේ හැඳි දෙකක්, රෝස වතුර මේස හැඳි දෙකක් සහ ආමන්ඩ් ඔයිල් තේ හැඳි දෙකක් එක් කරන්න. ඉන්පසුව එය හොඳින් මිශ්‍ර කර ශීතකරණයෙහි තබන්න. එසේ නොමැතිනම් එය සුළං නොවදින සේ භාජනයකට දමා භාවිතයට ගත හැකියි.

සාදාගත් මිශ්‍රණය රාත්‍රි කාලයේදී මුහුණේ ආලේප කරන්න. දිනපතා රාත්‍රි කාලයේදී මෙම සත්කාරය කිරීමෙන් ඔබට පැහැපත් සමක් ලබාගත හැකියි.

කුරුලෑ, ලප, කැළැල් ඉවත් කිරීමට රාත්‍රි සත්කාරයක්

කෝමාරිකා ජෙල් මේස හැඳි දෙකක්, නැවුම් කිරි මේස හැඳි දෙකක් සහ සීනි තේ හැඳි දෙකක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න. පසුව එය මුහුණේ ආලේප කර විනාඩි 20කින් පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

රාත්‍රි කාලයට සුදුසු සීරම්

රෝස වතුර මේස හැඳි තුනක්, දෙහි යුෂ මේස හැන්දක්, ඔලිව් ඔයිල් මේස හැන්දක්, කෝමාරිකා ජෙල් මේස හැන්දක් සහ සුදු හඳුන් කුඩු මේස හැන්දක් ගෙන එකිනෙක මිශ්‍ර කරන්න. ඉන්පසුව මෙම මිශ්‍රණය පිරිසුදු රෙදි කඩකට දමා මිරිකා යුෂ පෙරා ගන්න. එම යුෂ දිනපතා නින්දට යෑමට විනාඩි 20කට පෙර මුහුණේ ආලේප කරන්න.

එමඟින් ඔබගේ මුහුණේ ඇති කුරුලෑ, ළප කැලැල් ආදිය ඉවත් වී නැවුම් සහ පැහැපත් සමක් ලබා ගත හැකියි.

ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top