සුවඳ විහිදුවන සුවඳ විලවුන් හැදුණේ මෙහෙමයි
Monday, 22 July 2019 - 10:24 | Views - 2,456
සුවඳ විලවුන් කියන්නේ ලොකු පොඩි හැම කෙනෙක්ම ඉතාමත් ප්‍රියකරන දෙයක්. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට නැතිවම බැරි අංගයකි.

කාර්යාලයට යන විට මෙන්ම නිවෙසින්  බැහැරට යන සෑම අවස්ථාවකදීම ගමන් මල්ලේ සුවඳ විලවුන් බෝතලයක් ගෙන යෑමට බොහෝ දෙනෙක් හුරුවී තිබෙන බව අපි දනිමු.

සුවඳ විලවුන්වල ඉතිහාසය පටන්ගන්නේ පුරාණ ඊජිප්තුවෙනි. ක්ලියෝ පැට්‍රා රැජන ට්‍රා මාර්ක් ඇන්තනි වසඟකර ගැනීම සඳහා එක්තරා සුවඳ විලවුන් වර්ගයක් භාවිත කළ බව පැවසෙයි. ග්‍රීසියේ ප්ලීනි, වසර 300කටත් පෙර සුවඳ විලවුන් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව සටහන් කර ඇත.

18 වැනි සියවසේ ප්‍රංශයේ යම වැනි ලුවී රජු තම අධිකරණය දිනපතාම සුවඳ විලවුන් වලින් සුගන්දවත් කළ බව සඳහන් වෙයි.

ලොව විශිෂ්ටතම වශීකාරක සුවඳ විලවුන් වර්ගය තැනීම සඳහා තරුණ කාන්තාවන් සිය ගණනක් ඝාතනය කරන ජින් බැප්ටිස්ට් නමැති මනස විකෘති වූ පුද්ගලයකු පිළිබඳ 2006 වර්ෂයේ තිරගත වූ “පර්ෆියුම්” නම් චිත්‍රපටයෙන් පවා කියැවේ.

අතීතයේ ස්වාභාවික මූලාශ්‍ර පදනම්කරගෙන සුවඳ විලවුන් නිෂ්පාදනය කර තිබේ. නමුත් අද වන විට කෘත්‍රිම රසායනික සංයෝග වැඩි වශයෙන් යොදා ගනු ලැබේ. (එවැනි සංයෝග 6,000ක් පමණ භාවිත කෙරෙතැයි හඳුනාගෙන තිබේ).

ලෝකයේ විවිධ නම්වලින් හා විවිධ සුවඳ වර්ගවලින් සුවඳ විලවුන් නිපදවන අතර රෝස, නෙලුම්, ඕලු, ගාර්ඩිනියා, සමන්පිච්ච, ලැවෙන්ඩර් ආදී මල් වර්ග හා පලතුරු වර්ගවල සුවඳ වර්ගද බහුලව යොදාගනී.

ද    ඛ්ධතධඨදඥ

ද    ඕධඤර ඵනචපර / ථඪඵබ

ද    ච්ඪරධඤධපචදබ

ද    ර්ථීඥපටභථඥ

ආදී ලෙස විවිධ වර්ගවලින්ද අද වන විට සුවඳ විලවුන් වෙලෙඳපොළෙහි මිලදී ගැනීමට තිබේ.

සුවඳ විලවුන් යනු සුවඳවත් තෙල් හා සංයෝග, මැලියම් හා ද්‍රාවක අඩංගු මිශ්‍රණයක් වන අතර මිනිස් සිරුර, ජීවීන් ජීවත් වන අවකාශයට ප්‍රසන්න සුවඳක් ලබා දීමට භාවිත කරයි. සුවඳ විලවුන් ගැල්විය යුත්තේ පිරිසුදු කරගත් ශරීරයේය. නෑමෙන් පසු සිරුරේ කන පිටුපස, බෙල්ල, මුහුණ, ඇස්, අත්ල, ප්‍රජනන ඉන්ද්‍රියන් ආශ්‍රිතව සුවඳ විලවුන් වර්ග ගැල්වීමෙන් වැළකිය යුතුයි.

ඔබ සුවඳ විලවුන් ගැල්වීමේදී සිරුරේ

ද    හිසකෙස්

ද    කන පිටුපස

ද    වැළමිට ඇතුළත

ද    නාභිය තුළ

ද    අත්යට (කිහිලි පෙදෙස)

ද    දණිහිස බෙල්ල ආශ්‍රිත ප්‍රදේශය

ද    මැණික් කටුව ඇතුළත ආදී ස්ථානවල ගැල්වීමේදී වැඩි වේලාවක් ඔබ ගල්වන සුවඳ රඳවා තබාගත හැකිය.

අපි බොහෝදෙනා සුවඳ විලවුන් දෛනිකව භාවිත කරන්නෙමු. එහෙත් බොහොමයක් සුවඳ විලවුන්වල සුවද දවස පුරා නොපවතියි. ඒ වගේම සුවඳ විලවුන් වර්ගවල එහි වර්ගය සටහන් කොට තිබෙනවා. මෙය කාණ්ඩ 05ක් ඔස්සේ වර්ග කර තිබේ. එය දැන සිටීම ඔබට ඉතා හොඳ සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගැනීමට පහසුවක් වේවි.

ද    ඡ්රඥ ජ්පඪජඩඥ 1-3%  කාණ්ඩය ඔයිල්, ඇල්කොහොල්, ජලය අඩංගු මෙහි සුවඳ පැයකට අඩු කාලයක් පවතී.

ද    ඡ්රඥ ජ්පඪජඩඥ 1-3%  කාණ්ඩය ඔයිල්, ඇල්කොහොල්, ජලය, ශාකසාර මල් හා පලතුරු සාරයන් අඩංගුය. මෙහි පැය 2ක් පමණ සුවඳ පවතී.

ද    ඡ්රඥ ඤඥ බධඪතඥබබඥ - 5-15%  කාණ්ඩය එසන්ස් සහ මද්‍යසාර අඩංගු තරමක් හොඳ විලවුන් වන අතර සුවද පැය 03ක් වත් පවතී.

ද    ඡ්රඥ ඤඥ ර්ථීඥපටභථඥ 15-20%  කාණ්ඩය එසන්ස් අඩංගු  මේ තත්ත්වයේ  විලවුන් පැය 5 - 8ක් පමණ පවතී.

ද    ර්ථීඥපටභථඥ 20 - 30% කාණ්ඩය  එසන්ස් සහිත මෙහි සුවඳ දවස පුරාම පවතීවි. නමුත් මෙම වර්ගය තරමක් මිල අධිකය.

දවස පුරා සුවඳවත්ව සිටීමට නම් මිල අධික විලවුන් වර්ගයක් මිලදී ගැනීම පමණක් ප්‍රමාණවත් නොවෙයි.

එය භාවිත කරන ආකාරය ද හොඳින් දැනගත යුතුය.

සුවඳ විලවුන් භාවිතයට පෙර හොඳින් පිරිසුදු විය යුතුය.

දහදිය සහිත විටෙක සුවඳ විලවුන් තැවරීමෙන් ඔබ අපේක්ෂිත ප්‍රතිඵලය අවම විය හැකිය. විලවුන් ගැල්වීමට ප්‍රථමයෙන් මොයිස්චරයිසර් ක්‍රීම් ස්වල්පයක් ආලේප කිරීමෙන් සුවඳ විලවුන් හි සුවද වැඩි වේලාවක් පවත්වා ගැනීමට හැකිවනු ඇත. සුවඳ විලවුන් රෙදි මත ගැල්වීමෙන් කිසිදු ඵලක් නොවන බව හොඳින් මතක තබාගත යුතුයි. නාඩි වැටෙන ස්ථානයන්හි සුවඳ විලවුන් ගැල්වීමෙන් නිරතුරුවම ඔබට සුවඳවත්ව සිටිය හැකිය.

ඉහත උපදෙස් අනුව සුවඳ විලවුන් භාවිත කිරීමෙන් දවස ප්‍රබෝධවත්ව මෙන්ම වඩාත් සුවඳවත්ව ගතකිරීමට හැකිවනු ඇත.

දිනූෂා මනෝරි නිශ්ශංක
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top