රුව ඔප් නංවන සම්බාහනය
Thursday, 18 July 2019 - 10:15 | Views - 677
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට විවිධ රූපලාවණ්‍ය සත්කාර සඳහා යොමු වී තිබෙනවා. සුන්දර යුවතියක් වීමට අවශ්‍ය පංච කල්‍යාණය තුළද ඡවි කල්‍යාණයට විශේෂ තැනක් හිමිවෙනවා.

මුහුණ සම්බාහනය කිරීම නිරෝගී සහ පැහැපත් සමක් ලබාගැනීම උදෙසා උචිතම සත්කාරයක්.

සම්බාහනය මුහුණේ ලේ ගමනාගමනය හොඳින් සිදුවීමට උපකාරී වෙනවා. ඒ වගේම මුහුණේ අවපැහැ ගැන්වීම, ළප කැළැල් මතුවීම ආදිය අවම කර නැවුම් සහ ප්‍රියමනාප පෙනුමක් ලබාගැනීමටත් හැකියාව තිබෙනවා.

මුහුණේ ඇතැම් මාංස පේශී සරල රේඛීයවත් ඇතැම් ඒවා වෘත්තාකාරවත් පිහිටා තිබෙනවා. එම නිසා මුහුණ සම්බාහනය කිරීමේදී මාංස පේශී පිහිටා ඇති ආකාරය පිළිබඳව අවබෝධයෙන් යුතුව සම්බාහන සත්කාරවලට යොමුවිය යුතුයි.

මුහුණ සම්බාහනය කිරීමේදී පළමුව මුහුණ පිරිසුදු කරගෙන උණුසුම් ජල වාෂ්පවලින් මුහුණ තෙත් කිරීම (Steam)  කළ යුතුයි.

තෙල් සහිත සමක් සහිත  අයට මුහුණ සම්බාහනය කිරීම සඳහා සූරියකාන්ත තෙල්, දෙහි යුෂ, මී පැණි ආදිය යොදා ගත හැකිය.

වියළි සමක් සහිත අයට සමන්පිච්ච සාරය, තල තෙල් ආදිය සම්බාහනය සඳහා යොදා ගත හැකියි. සාමාන්‍ය සමක් සඳහා තල තෙල්, ඔලිව් තෙල්, මී පැණි නැවුම් කිරි ආදිය භාවිත කළ හැකියි.

මුහුණේ මාංසපේශි පිහිටීම පිළිබඳව අවබෝධයක් නොමැතිව මුහුණ සම්බාහනය කිරීම තුළින් මුහුණේ සම එල්ලා වැටීම, සම රැලි වැටීම සහ රළුවීම සිදුවිය හැකියි. එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

සමේ නිරෝගීතාව ආරක්ෂා කළද නිරන්තරයෙන් සමේ සෛල මිය යෑම සිදුවෙනවා. පැරණි සෛල මියයන විට අලුත් සෛල ජනනය  වීම සිදුවෙනවා. සමෙහි මැරුණු සෛල ඉවත් කිරීමට ස්ක්‍රබ් කිරීම සිදු කළ හැකියි.

වියළි සමට ස්ක්‍රබ්

සුදුහඳුන් කුඩු, පිරිසුදු පොල්තෙල් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඉන් පසුව උඩු අතට රවුම් ආකාරයට සම්බාහනය කරන්න.

තෙල් සහිත සමට

කොත්තමල්ලි හොඳින් කුඩු කර මී පැණි සමඟ කලවම් කර මුහුණේ ආලේප කරන්න. ඉන් පසුව සම්බාහනය කරන්න.

සාමාන්‍ය සමට

වෙනිවැල්ගැට කුඩුවලට කෝමාරිකා ජෙල් ස්වල්පයක් එකතු කර මුහුණේ ආලේප කරන්න. මේ ආකාරයට ස්ක්‍රබ් කර මුහුණ සම්බාහනය කිරීමෙන් පසු මුහුණට පැක් එකක් යෙදීම කළ හැකියි.

සම්බාහනයෙන් පසුව

යෙදිය හැකි පැක් වර්ග

සුදුහඳුන් කුඩු, රත්හඳුන් කුඩු, වැල්මදට සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. එසේ නොමැති නම් කස්තුරි කහ, මී පැණි නැවුම් කිරි සමඟ මිශ්‍ර කර ආලේප කරන්න. කොකුම් පොතු, වෙනිවැල්ගැට කුඩු සමඟ මිශ්‍ර කරද මුහුණේ ආලේප කළ හැකියි. කෝමාරිකා ජෙල්, දෙහි  බිංදු කිහිපයක්, ඕට්ස් පිටි සහ රෝස වතුර මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමද කළ හැකියි.
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,244 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,287 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
"සිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා..සිත එක තැනක තියා.. ගන්නට බෑ වගෙ ඔයා...""සපු කුසුමේ...
Hiru Tv Blog
රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ‍ශිල්පි‍ණියක්. ඇය මේ දිනවල හිරු ටීවි...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top