තරබාරුවට තිත තබන කරපිංචා කැඳ
Saturday, 04 March 2017 - 19:28 | Views - 32,468

කරපිංචා...
කරපිංචා කොළ දෙක තුනකින් හොද්දක රසේ, සුවඳ දෙගුණ, තෙගුණ කරන්න පුළුවන් වගේ,
කරපිංචා කැඳ වලින් පුළුවන්
කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, හෘදයාබාධ වැනි නිධන්ගත රෝගවලින් ඔබව නිදහස් කරන්න.
මේ සියළුම රෝග වලට කරපිංචා තරම් අනර්ඝ ඖෂධයක් තවත් නැතුව ඇති.
ඔබ මෙම රෝග ත‍්‍රිත්වයෙන් එක් රෝගයකින් හෝ පිඩා විඳිනවා නම් කරපිංචා කැඳ සතියට දෙතුන් වතාවක් පානය කිරීමෙන් අනෙකුත් රෝග වැළඳීමේ ප‍්‍රවණතාවය සැලකිය යුතු මට්ටමකින් අඩු කරගන්න පුළුවන්.
එසේම සර්ප විෂට, ශරීරයේ විෂ නැසීමට, වාතයට, සෙමට, ආහාර දිරවීමට, ආහාර රුචිය වැඩිවීමට, වමනය පාලනයට, පණු රෝගවලින් ඈත් කිරීමට, අජීර්ණයට වැනි ගුණයන් බොහොමයක් හිමිවන අපුරු පානයකි.
මේ සඳහා අවශ්‍ය ද‍්‍රව්‍ය
– මඳක් නොමේරු කරපිංචා ඉති මිටක්
– නිවුඩු කැකුළු හාල් ග‍්‍රෑම් 150 ක්
– ගා ගත් පොල් අවශ්‍ය ප‍්‍රමාණයට
– ඉඟුරු පෙත්තක්
– සුදු ළුණු බික් දෙකක්
– රතු ළුණු ගෙඩි හතරක්
– ලූණු ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය
සෝදාගත් කරපිංචා කොළ කොටා හෝ බ්ලෙන්ඩර් කර මිරිකා පසෙකින් තබා ගන්න. එසේම පොල් ප‍්‍රමාණය ද මිරිකා පසෙකින් තබන්න. සහල් ප‍්‍රමාණය සෝදා, ගරා එයට ඉඟුරු පෙත්තක්, සුදු ළුණු, රතු ළුණු, එක්කර වතුර ලිප තබන්න. හොඳින් තැම්බුණු බතට පොල්කිරි හා ලූණු එක්කර හොඳින් හොඳින් නටවා කලින් සාදාගත් කරපිංචා යුෂ මිශ‍්‍රණය එක්කර විනාඩියකින් ලිපෙන් බාගන්න.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-
Share This Article