ඔබ නීරෝගීමත් කාන්තාවක්ද? මේ පුරුදු ඔබගාව තියෙනවද අදම දැනගන්න
Wednesday, 20 September 2017 - 11:48 | Views - 4,392
නීරෝගීකම කියන්නේ මනුෂ්‍යයෙකුට තිබෙන උතුම්ම ධනයයි. ඒ තරම් අපට නීරෝගීකම වටිනවා. නීරෝගීකමේ වටිනාකම අපිට ඇත්තටම තේරෙන්නේ ලෙඩක් හැදුනමයි. දැන් කාලයේ කාන්තාවන් තමන්ගේ රැකියාව, ගෙදර වැඩ කටයුතු, දරුවන්ගේ වැඩ කටයුතු එක්ක තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන්න තරම්වත් වේලාවක් නැතිවෙලා තිබෙනවා. ඒත් මේ හැමදෙයක් අතරේම තාමන්ගේ සෞඛ්‍ය ගැන හිතුවේ නැතිනම් ඔබට අනාගතයේදී බොහෝ කරදර සඳහා මුහුණ දීමට සිදුවෙන්නට පුළුවන්.

ඔබ ගාව දැනටමත් මේ ලිපියෙන් කියවෙන පුරුදු තිබෙනවනම් ඔයා පොඩ්ඩක්වත් බිය විය යුතු නෑ. ඔයා නීරෝගී කෙනෙක් කියල ඒ පුරුදුවලින් හඳුනගන්න පුළුවන්.

01. ඔයා ව්‍යායාම වලට කම්මැලි නැහැනේද?

අපේ ශරීරයේ මනා පැවැත්ම උදෙසා ව්‍යායාම කියන දේ අත්‍යාවශ්‍යයි. එත් ගොඩක් දෙනෙක් ඇඟ වෙහෙසන දෙයක් කරන්න හරිම කම්මැලියි. එහෙමයි කියලා එකතැනකට වෙලා කකා බිබී හිටියොත් නම් බලන් ඉද්දි ඔයා ස්ථුල බවට පත් වෙන්න වගේම බලාගෙන ඉද්දි ඔයාගේ බර වැඩි වෙන්න හේතු වෙනවා. කොහොමද බැරල් එකක් වගේ උනොත්. අනිත් එක මුලින් කිව්ව වගේ ඔයාගේ කටටත් සීමාවක් නැත්තන් ඉතින් ඔය කන බොන දේවල් දහනය කරන්නත් අනිවාර්යෙන් ව්‍යායාමයක නිරත වෙන්නම වෙනවා.

02. ඔබ ආහාර රටාව ගැන සැළකිලිමත්ද?

අපේ ගොඩක් අය මේ ගැන නම් දක්වන්නේ ඉතා අඩු සැළකිල්ලක්. අපේ අයහපත් පුරුදු අපේ සෞඛ්‍යට අහිතකර විදියට බලපානවා කියල දැන දැනත්, ගොඩක් දෙනෙක් තමන්ට අහුවෙන ඕන දෙයක් කන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ නරක පුරුදු ඔයාව ලෙඩෙක් කරන්න හේතු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කට පාලනය කර ගන්න උත්සාහ කරන්න. හැම වෙලාවකදීම පෝෂ්‍යදායි, සමබල ආහාර වේලක් ලබා ගන්න උත්සාහ කරන්න, පැණි රස හා මේදය අදික ආහාර වලින් හැකි තරම් ඈත් වෙන්න. අලුත් එළවලු පලතුරු විශේෂයෙන් කොළ පැහැති ආහාර වර්ග වගේම හිතකර මේදය අඩංගු ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්නවා නම් නිරෝගිව ඉන්න එක ඔයාට අරුමයක් නෙවෙයි.

03. ආතතියෙන් මිදෙන්න

ඔයාව ලෙඩ කරන්න මේක අනිවාර්ය හේතුවක් වෙනවා. උදේ ඇහැරුණු වෙලාවේ ඉඳලා රාත්‍රී නින්දට යන තෙක් අපි මුහුණ දෙන කාර්යබහුල බව වගේම, අභියෝග, ගැටළු, පරාජය වීම්, හිත රිදීම් වගේ සිදුවීම් අපේ මානසිකත්වයට සෘජුවම බලපෑම් කරනවා. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ මානසික ආතතිය පැවතීම කායික රෝග විතරක් නෙවෙයි මානසික රෝග ඇති කරන්නත් හේතු වෙනවා. ඒ නිසා ප්‍රශ්න හිතේ තියාගෙන දුක් විඳින එක නතර කරන්න. ඒ ගැන කා එක්ක හරි කතා කරන්න. ප්‍රශ්න වලට විසඳුම් හොයා ගන්න. මානසික විවේකය සඳහා කල හැකි දේවල් සඳහාත් මුල් තැන දෙන්න.

04. පිරිසිදු බවට මුල් තැන දෙන්න

අපිට ලෙඩ රෝග වැළඳෙන ප්‍රධානම හේතුවක් වෙන්නේ අපිරිසිදු කම. ඔයත් ඔයාගේ සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් පිරිසිදු බවට මුල් තැනක් දෙන්න. ගෙදර දොර වගේම, ඇඳුම් පැළදුම් හා භාවිතා කරන උපකරණ පිරිසිදුව තියා ගන්න. ඒ වගේම අහාර පාන පිළියෙළ කරද්දී ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.

05. නින්ද මඟහරින්න එපා

මේ කියන්නේ අපේ නිරෝගී බවට අත්‍යාවශ්‍යම කාරණාවන්ගෙන් එකක් ගැන. එක දවසක් හරි නිදි වැරුවොතින් ඊළඟ දවස ගෙවෙන්නේ කොහොමද කියලා ඔයා දන්නවනේ. මුළු දවසම අවුල් වෙනවා. වැඩක් හරියට කර ගන්න බෑ, පොඩි දේටත් කේන්ති ගන්නවා, මානසික ආතතිය ඇති වෙන්න නින්ද මද කම හේතු වෙනවා. ඒ නිසා හොඳ නින්දක් ලබා ගැනීම ශරීරයේ ක්‍රියාකාරීත්වය යහපත්ව තබා ගැනීමට අත්‍යාවශ්‍ය දෙයක්. අවම වශයෙන් පැය 8ක වත් නින්දක් ලබා ගන්නා. හොඳ නින්දක් ලබා ගන්න අයගේ ශරීර සෞඛ්‍ය ඉතාම යහපත් මට්ටමක පවතින බව පර්යේෂණ වලින් පවා තහවුරු වුණු දෙයක්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top