පහසු ක්‍රමවලින් බර අඩුකරගන්න මේ උපදෙස් පිළිපදින්න
Tuesday, 19 September 2017 - 14:56 | Views - 70,048

දැන් කාලයේ සමහර වැරදි ආහාර පුරුදු නිසා බර වැඩිවීමේ ගැටළුවට බොහෝදෙනෙක් මුහුණ දෙනවා. ඒ හේතුවෙන් විවිධ ලෙඩ රෝග වැළඳීමේ හැකියාවක් පවතිනවා. මේ ලිපියෙන් කියවෙන්නේ අප ආහාරයට ගන්නා දේවල් ටිකක් පාලනය කරලා තමන්ගේ බර පහසුවෙන් අඩු කරගන්න පුළුවන් ක්‍රම ටිකක් පිළිබඳවයි.
01. ඔයාට ඇත්තටම බඩගිනිද? නැත්තං තිබහද?සමහරවෙලාවට අපිට තිබහත් දැනෙන්නෙත් පොඩි බඩගින්නක් වගේ.අන්න ඒ නිසා මේ දෙක හරියට අඳුරගන්න එක හරිම වැදගත්.තිබහට මොනා හරි කාලා නිකන් බර වැඩි කරගන්න ඕනි නැහැනේ.ඒ නිසා ඊළඟ පාර මේ වගේ හැඟීමක් ආවම බඩ පිරෙන්න සීතල වතුර එකක් බොන්න.ඊට පස්සෙත් බඩගිනි නම් ඇත්තටම ඔයාට දැනිල තියෙන්නේ බඩගින්නක්.
02. උදේ කෑම නම් අමතකකරලා බැහැ:දවස පුරාම ක්‍රියාශීලීව ඉන්න නම් උදේ කෑම අත්‍යාවශ්‍යයි.දවසේ පැය ගණනාවක් නින්දේ ගතකරන ඔයා ශක්තිය ආපහු හොයාගන්න නම් උදේට හොඳට කන්නම ඕනි.බඩගින්න වදදෙනකම් ඉන්නේ නැතුව නියමිත වෙලාවකට උදේ කෑම ගන්නවානම් තමයි වඩා හොඳ.
03. පොඩිම පොඩි කෑම වේල්: බර අඩුකරගන්නවා කියන්නේ හැමවෙලේම කෑමවේල එහෙම්-පිටින්ම කපලා දාන එක නෙවෙයි.කාටවත් පුළුවන් ද මිදි ගෙඩි තුනක්, සැල්දිරි අත්තක් කාලා ඉන්න.ඒ නිසා කෑම හිතුමනාපෙට අඩුකරන්න එපා.ඔයා සාමාන්‍ය කන විදියට කන්න.හැබැයි ඉස්මුරුත්තාවට එනකං නෙවෙයි.ඔයා ෆුල් කියලා දැනුන ගමන්ම කෑම නවත්තන්න.කෑම ටික ගානට දිරවගන්න එක ඔයාගේ ඇඟ කරාවි.
04. හොඳට කන්න: මේ කියන්නේ බඩ පැලෙන්න කන්න කියලානම් නෙවෙයි.ඔයාගේ ඩයට් එක නියමිත පෝෂණයෙන් තියෙනවද කියලා බලලා කෑම කන එක.මේදය අධික,සීනි සහිත,කොටින්ම කියනවානම් ඇඟට සනීපයක් නොදැනෙන කෑම කනවා වඩා හොඳ ගුණදායක කඩල කෝප්පයක් කන එකෙන් ඔයාට ලැබෙන වාසිය කියලා නිම කරන්න බැහැ.පළතුරු,එළවළු,ප්‍රෝටීන් ශක්තියත් එක්ක හොඳ කෑම වේලක් ඔයාගේ ඇඟට ලැබෙනවානම් බර අඩුකරගන්න අමුතු මහන්සියක් ගන්න අවශ්‍ය නැහැ.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article