
ලොව පුරා වෙසෙන බොහෝ තරුණ ජන කොටස් අතර ශාරීරික ක්‍රියාකාරකම්වලට නැඹුරැවීමේ අඩු ප්‍රවණතාවක් පවතී. මෙයට ප්‍රධාන හේතුව වනුයේ ශාරීරික ක්‍රියාකාරකම් සහිත ක්‍රියාශීලී ජීවන රටාවේ සිට අවිවේකී, අලස ජීවන රටාවකට හුරුවීම හා නිවසින් පිටතදී යෙදෙන ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීමත්, නිවස තුළදී සිදුකරන ක්‍රියාකාරකම් සඳහා කය නොවෙහෙසීමත් යන ජීවන රටාවේ සිදුවූ වෙනස්කම්ය. එම නිසා බොහෝ වේලාවක් රූපවාහිනී නැරඹීම, පරිගණක ආශ්රිත ක්‍රියාකාරකම්වල යෙදීම වැනි කය නොවෙහෙසවා සිදුකරන කාර්යයන් සීමාකළ යුතුය. කණ්ඩායම් වශයෙන් හෝ තනි පුද්ගලයන් වශයෙන් ක්‍රීඩාවල හා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම අත්‍යවශ්‍ය වන අතර, සියලු දෙනාම අඩුම වශයෙන් තම නිවෙසේ කාර්යයන් වන රෙදි සේදීම, ගේ දොර පිරිසුදු කිරීම, ගෙවතු වගාව වැනි ක්‍රියාකාරකම්වල යෙදීම වැදගත් වේ.
සාමාන්‍යයෙන් කළ හැකි ව්‍යායාම
ඇඟ දැඩි ලෙස වෙහෙසෙන සහ නොවෙහෙසෙන ව්‍යායාම හඳුනාගමු.
|
මධ්‍යස්ථ තීව්රතාවයෙන් යුත් ශාරීරික ක්‍රියා (දළ වශයෙන් එම්.ඊ.ටී. 3-6 දක්වා) මෙම කාණ්ඩයට අයත් ශාරීරික ව්‍යායාම් හෝ ක්‍රියාකාරකම් සඳහා මධ්‍යස්ථ ප්‍රමාණයේ වෙහෙසක් දැරිය යුතු අතර, එමගින් හෘදයේ ස්පන්දන වේගය තරමක් ඉහළ යයි. |
වේගවත් තීව්රතාවයෙන් යුත් ශාරීරික ක්‍රියා (දළ වශයෙන් එම්.ඊ.ටී. 6 වැඩි) මෙම කාණ්ඩයට අයත් ශාරීරික ව්‍යායාම් හෝ ක්‍රියාකාරකම් සඳහා විශාල ප්‍රමාණයේ වෙහෙසක් දැරිය යුතු අතර, එමගින් හෘද ස්පන්දන වේගය වේගවත් ලෙස ඉහළ යයි. |
|
වේගයෙන් ඇවිදීම |
දිවීම |
|
නර්තනය |
ඇවිදීම හෝ වේගයෙන් කඳු නැගීම |
|
ගෙවතු වගාව |
වේගයෙන් බයිසිකල් පැදීම |
|
යෝගී ව්‍යායාම |
ස්වායු ව්‍යායාමවල යෙදීම |
|
ගේ දොර වැඩ කටයුතු |
වේගයෙන් පිහිනීම |
|
දරුවන් සමඟ කරන තරග හා ක්‍රීඩා, බල්ලන් වැනි සුරතල් සතුන් සමඟ ඇවිදීම. |
තරගකාරී ක්‍රීඩා සහ සමූහ තරගවල යෙදීම. (උදා: පාපන්දු/ අත්පන්දු/ හොකී/ පැසිපන්දු හා බැඩ්මින්ටන්) |
|
ගොඩනැගිලි ඉදිකිරීමේදී සිදුකරන ක්‍රියාකාරකම්, උළු සෙවිලි කිරීම, පොල්අතු සෙවිලි කිරීම, තීන්ත ආලේප කිරීම |
බර ඉසිලීම, පොළොව කෙටීම, ඉදිකිරීම් කටයුතුවල යෙදීම.
|
|
කිලෝග්‍රෑම් 20ට අඩු බරක් ඔසවාගෙන යාම. |
කිලෝග්‍රෑම් 20ට වැඩි බරක් ඔසවාගෙන යාම. |
වයසට ගැලපෙන ව්‍යායාමය
|
වයස් කාණ්ඩය |
කාලය |
ශාරීරික ක්‍රියාකාරකම් වර්ග |
|
A. ළමා හා නව යොවුන් (අවුරුදු 5-18 දක්වා) |
විනාඩි 60 බැගින් දිනපතා |
මධ්‍යස්ථ බවේ සිට වේගවත් තීව්රතාවයෙන් යුත් විවිධ ශාරීරික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය කරමින් යෙදීම යෝග්‍ය වේ. |
|
B. වැඩිහිටි (අවුරුදු 18-65 දක්වා) |
විනාඩි 30 බැගින් සතියට දින 5ක්
විනාඩි 20 බැගින් සතියට දින 3ක්
අඩුම තරමින් සතියට දින 2ක් |
මධ්‍යස්ථ තීව්රතාවයෙන් යුත් ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් හෝ වේගවත් තීව්රතාවයෙන් යුත් ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් හෝ මධ්‍යස්ථ හා වේගවත් තීව්රතාවයෙන් යුතු ක්‍රියා සම සමව සහ මාංශපේෂි සවිමත් කරන ව්‍යායාමයක් එක් වරකට 8ක් හෝ 10ක් බැගින් 8 වතාවක් හෝ 10 වතාවක්
|
|
C. වයස්ගත (අවුරුදු 65 හෝ ඊට වැඩි) |
වැඩිහිටි අය හා සමානයි |
පුද්ගලයාගේ ශාරීරික නිරෝගීභාවය මත ව්‍යායාමවල වර්ගය හා එහි තීව්‍රතාවය තීරණය කළ හැකිය. නම්‍යශීලීභාවය රැකෙන පරිදි, සිරුරේ සමබරතාවය පවත්වා ගැනීමට හැකි ව්‍යායාමවල නිරතවීම සුදුසුය. |
අස්ථි, මාංශපේෂී හා සන්ධිවල නිරෝගී පැවැත්මට ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීම අත්‍යවශ්‍ය වන අතර, ඒවායේ වර්ධනයට හා අලුත්වැඩියාවටද මෙය උපකාරී වෙයි. මීට අමතරව ළමුන් හා වැඩිහිටියන් නිතර ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම නිසා පහත ප්රතිලාභ අත්වේ.
64 Views
95 Views
258 Views
156 Views
128 Views
138 Views
147 Views
139 Views
110 Views
178 Views
125 Views
134 Views
209 Views
238 Views
700 Views
90 Views
78 Views
71 Views
50 Views
48 Views