රස්නේ කාලේට පාන වර්ග
Monday, 08 July 2019 - 15:06 | Views - 827
මේ  දිනවල ඇත්තෙ අධික රස්නයක්. ඒ නිසා අපේ සිරරට අධිකව දහඩිය දමනවා.  එවිට සිරුරට අවශ්‍ය තරම් ජලය නොලැබෙන නිසා ඇති වෙන ප්‍රතිඵලය විජලනයයි. එය  අපි නොදැනීම අපේ ජීවිතයට බලපානවා. සිරුරට ප්‍රමාණවත් පරිදි ජලය නැති වීමෙන්  රුධිරය මගින් සෛලවලට අවශ්‍ය පෝෂණ පදාර්ථ සහ ඔක්සිජන් සපයන ප්‍රමාණය අඩුවෙනවා. මේ නිසා මරණය පවා සිද්ධ වෙන්න පුළුවනි. නමුත් සමහරු මේ මොනවා කීවත් වතුර බොන්න කැමැති නෑ. ඒකට පුරුදු වෙලා නෑ. ඒ වෙනුවට හොයන්නෙ පැණි බීම, කෘත්‍රිම බීම. ඒවා නිසා සිරුරට වෙන්නේ තවත් වැඩි හානියක්. නමුත් අපිට සුදුසු නිවසේ හදා ගන්නට පුළුවන් පෝෂණයෙන් ඉහළ පලතුරු, එලවළු යුෂ පාන වර්ග කිහිපයක් ගැනයි මේ.

කැරට්
පිපාසය දැනෙන විට ජලය පානය කිරීමට අපි පුරුදුව සිටියත් සිරුර විජලනය හෙවත් අවශ්‍ය පරිදි ජලය පවත්වා ගැනීමට කැරට් ඉතාම යෝග්‍යයි. කැරට් විටමින් ‘ඒ’ බහුල එළවළුවක්. මෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක (සිරුරේ විෂ සංයෝග උරා ගැනීමේ හැකියාව) ගුණය මගින් සිරුරට අවශ්‍ය ජලය පමණක් නොව හමේ පැහැය ඉතා පහසුවෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබෙන බව පෝෂණවේදීන් සඳහන් කරනවා.

තක්කාලි
තක්කාලි ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත පළතුරක්. හමේ වර්ණය වගේම හිරු එළියෙන් ඇති වෙන හම රැළි වැටීම වළක්වා ගැනීමට තක්කාලි සතුව තිබෙන හැකියාව අපි ඉවත දැමිය යුතු නැහැ.

දෙහි යුෂ
දෙහි යුෂ ගැන අපි දන්නේ හොද්දට, සම්බෝලයට සහ සලාදයට ඇඹුල් එක් කරන කාර්යය ගැන පමණයි. එහෙමත් නැත්නම් උදරාබාධයට, අජීර්ණ අවස්ථාවන්ට දෙහි යුෂ පානයෙන් ලැබෙන වාසිය බොහොමයි. නමුත් දෙහිවල අඩංගු විටමින් ‘සී’ මගින් සමේ කොලැජන් ගොඩ නගන අතර තරුණ පෙනුම රැක ගැනීමට විශාල පිටුවහලක් සපයනවා.

දොඩම්
දෙහි කුලයේම කොටස්කාරයෙක් විදිහට සැලකෙන දොඩම් පානයෙන් ද ලැබෙන ගුණය එසේ මෙසේ නැහැ. සිරුරට අවශ්‍ය දියර ගතිය විතරක් නොවයි, එක් දොඩම් වීදුරුවක් පානය කිරීමෙන් සිරුරේ විෂ සංයෝග දුරු කරන අතර සමේ පැහැපත් බවත් ආරක්ෂාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනවා.

පිපිඤ්ඤා යුෂ
පිපිඤ්ඤා කී සැණින් දියර එළවළුවක් පිළිබඳ සටහනක් අපේ හිතේ ඇති වෙනවා. ඒ සිතුවිල්ල බොහොම සාධාරණයි. පිපිඤ්ඤා යුෂ පානය කිරීමෙන් සිරුරට අවශ්‍ය පරිදි ජලය ලබා දෙන අතරම සමේ දිලිසෙන ගතියත් ආරක්ෂා වෙනවා.

දෙළුම් යුෂ
දෙළුම් යුෂ බොහොම මිහිරි පානයක් රුව රකින්නට සමත් දෙළුම් යුෂ මගින් රුධිරය පිරිසිදු කරන අතර සමේ දීප්තිය ඇති කරනවා.

මිදි යුෂ
මිදි යුෂවලත් ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතාම ඉහළයි. තුවාල වියළීම සහ වයස්ගත වෙන විට ඇති වෙන සමේ රුලි ගතිය සහ අවර්ණවත් බවට එරෙහිව සිරුර සූදානම් කිරීමේ හැකියාවෙන් යුක්තයි.

පොල් වතුර
නිවසේ පොල් ගෙඩිය බිඳලා වතුර ටික අහකට දමනන් එපා. පොල් වතුරත් ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්තයි. ඒ වතුර ඔබට ලබා දෙන ප්‍රයෝජන වචනයෙන් විස්තර කරන්න බැහැ.

කොමඩු යුෂ
කොමඩු යුෂ බොහොම ප්‍රණීතයි. සීනි නැතුව වුණත් පානය කිරීමට තරම් මිහිරි රසයකින් යුක්තයි. තදින් පිපාසය දැනෙන වේලාවක කොමඩු ආහාරයට ගත්තොත් ඔබට එයින් දැනෙන සහනය අත්දැකීමෙන්ම දැනගන්න  පුළුවනි. චීනයේ දැඩි උණුහුම් කාලයට පුංචි දරුවන්ට කොමඩු ගෙඩිය ලමා ඇඳුමක හැඩයට කපා අන්දවා තබනවා. එයින් දරුවා විජලනයෙන් ආරක්ෂාව ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top