ඉක්මණින් රැවුල වවාගන්න නිවසේදීම කලහැකි පහසු ප්‍රතිකර්මයක් මෙන්න
Monday, 18 September 2017 - 9:59 | Views - 17,167
තරුණයෙකුට රැවුල කියන්නේ නම් තමන්ගේ පෞරුෂත්වය පෙන්වීමට ඇති වැදගත්ම දෙයක්. නමුත් රැවුල වැවෙන්නේ නැති එක හා තැනින් තැන රැවුල වැවෙන එක බොහෝ තරුණයන්ට තිබෙන ප්‍රශ්නයක්. මෙම ලිපියෙන් කියවෙන්නේ එම ගැටළුවට නිවසේදීම පහසුවෙන් කල හැකි ප්‍රතිකර්මයක් පිළිබඳවයි.
අවශ්‍ය ද්‍රව්‍ය
කුරුඳු කුඩු තේ හැඳි 2
දෙහි යුෂ මේස හැඳි 1
ළුණු ගෙඩි යුෂ තේ හැඳි 1
එඬරු තෙල් තේ හැඳි 1
සාදාගන්නා ආකාරය
මුලින්ම කුඩා භාජනයක් ගෙන එයට කුරුඳු කුඩු එක් කරන්න. ඊට පසු එයට දෙහි යුෂ හා ළුණු ගෙඩියේ යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගත් පසු එයට එඬරු තෙල් දමා නැවත හොඳින් කලවම් කරගන්න.
භාවිතා කරන ආකාරය
සාදාගත් ආලේපනය ඔබේ මුහුණේ රැවුල වැවී නැති ස්ථානවල ආලේප කර විනාඩි 20ක් පමණ තබා පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. මේ අයුරින් දින 5ක් එක දිගට භාවිතා කරන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article