ලස්සන නිරෝගී දෙපා යුගලකට නොවරදින පිළියම්
Tuesday, 02 July 2019 - 12:07 | Views - 2,358

මුහුණ ලස්සන පිළිබඳව සැලකිලිමත් වන බොහෝ දෙනා දෑත් දෙපාවල ලස්සන පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලක්. නමුත් ඔබ මුහුණේ ලස්සන පිළිබඳව සැලකිලිමත් වෙනවා සේම දෑත් දෙපාවල සුන්දරත්වය පිළිබදවත් අවධානය යොමු කළ යුතුයි.
ඔබේ දෙපා සඳහා කළ හැකි ස්වාභාවික සත්කාර පිළිබඳවයි දැන් අපි කතා කරන්නේ.
මෙම සත්කාරවල නිරත වීමට ප්‍රථම ඔබ පහත සඳහන් පරිදි දෙපා හොඳින් පිරිසුදු කරගත යුතුයි.
ලුණු කුඩු කෝප්ප 02ක්, ඇපල් සයිඩ විනාකිරි ස්වල්පයක්, කුරුඳු තෙල් ස්වල්පයක් සහ බේකින් සෝඩා කෝප්පයක් ගන්න.
පළමුව වතුර භාජනයක් නටවා එයට ලුණු මිශ්‍ර කරන්න. පසුව එයට බේකින් සෝඩා, විනාකිරි සහ කුරුඳු තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව එය ඔබේ දෙපා බහාලිය හැකි භාජනයකට දමන්න. වතුර මඳ රස්නය සහිතව තිබියදී එයට දෙපා බහා විනාඩි 20ක් පමණ සිටින්න.
ඉන් පසුව දෙපාවල නියපොතු කපා හොඳින් පිරිසුදු කරගන්න. ඉන් පසුව ර්ථීභථඪජඥ ඉබධදඥ එකක් ගෙන දෙපා හොඳින් අතුල්ලන්න. මෙසේ පිරිසුදු කරගත් දෙපාවලට ඉන් පසුව ස්ක්‍රබ් සත්කාරයක් කරන්න.
ස්ක්‍රබ් එක සඳහා කෝපි කුඩු කෝප්ප කාලක්, සීනි කෝප්පයක්, ඔලිව් තෙල් හෝ පොල්තෙල් මේස හැඳි 03ක් සහ කිරි මේද හැඳි 02ක් අවශ්‍ය වෙනවා.
මෙම ද්‍රව්‍ය සියල්ලට මිශ්‍ර කොට ස්ක්‍රබ් එක සකස් කර ඔබේ දෙපාවල අලේප කරන්න. පසුව දෙපා හොඳින් ස්ක්‍රබ් කර විනාඩි 10ක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා ඉවත් කරන්න. පසුව සුදුසු පැක් එකක් සකසා ආලේප කරන්න. පැක් එක සඳහා බ්ලෙන්ඩර් කරගත් අර්තාපල් ගෙඩියක්, කස්තුරි කහ මේස හැඳි කාලක්, මීපැණි මේස හැන්දක්, මීකිරි මේස හැන්දක්, සහ ඕට්ස් පිටි මේස හැන්දක් අවශ්‍ය වෙනවා.
මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර දෙපා මත ගල්වා විනාඩි 20කින් පසුව සෝදා ඉවත් කරන්න. එසේ නොමැති නම් කෝමාරිකා ජෙල් මේස හැන්දක්, බිත්තර සුදු මදයක් සහ යෝගට් හැඳි 02ක් මිශ්‍ර කර ඔබට පැක් එක සකසා ගත හැකිය.
ඊට අමතරව සුදු හඳුන් මේස හැන්දක්, බිත්තර කහ මදයක්, මීපැණි මේස හැන්දක් මිශ්‍ර කර ද දෙපා සඳහා පැක් එකක් සකසා ගත හැකියි. මෙම සත්කාර මඟින් දෙපාවලට සැහැල්ලු බවක් ඇතිවනවා මෙන්ම දෙපාවල පවතින දුර්වර්ණ බවද ඉවත් කර ගත හැකිය.
ඇතැම් අයගේ දෙපාවල පැල්ලම් සහිත බවක් දක්නට ලැබෙනවා. දෙපාවල පැල්ලම් සහිත අයට පහත සඳහන් සත්කාරයෙහි නිරත විය හැකිය.
ලූනු ගෙඩියක් රතු පොත්ත සමඟ බ්ලෙන්ඩර් කරන්න. එයට සුදු හඳුන් කුඩු හෝ කස්තුරි කහ මේස හැන්දක් එකතු කර මිශ්‍ර කරගන්න.
දැන් මෙය දෙපාවල ආලේප කර විනාඩි 60කින් පසුව සෝදා ඉවත් කරන්න. ඕබේ දෙපාවල තුවාල කැළැල් ඉරි තැළුම් සහිත නම් මෙම සත්කාරය ඉතා සුදුසුයි.
සුදු හඳුන් කුඩු මේස හැඳි 02ක්, කස්තුරි කහ මේස හැන්දක්, මුදවපු කිරි මේස හැඳි 02ක් සහ මීපැණි මේස හැන්ද බැගින් ගෙන මිශ්‍ර කරන්න. පසුව තක්කාලි ගෙඩියක් ගෙන දෙකට පළා ඉන් එක් බෑයක මිශ්‍රණය තවරා තක්කාලි බෑය දියවෙන තුරු දෙපා මත අතුල්ලන්න.
විනාඩි 20කින් පසුව කෝමාරිකා ජෙල් සහ බත් තැම්බූ වතුර ස්වල්පයක් ගෙන මොයිස්චරයිසරයක් ලෙස දෙපාවල ආලේප කරන්න.
මෙම සත්කාරවල නිරත වන විට ඔබේ දෙපාවල ඉරි තැළීම්, පැල්ලම් ආදිය ඉවත් කර ගත හැකි වනවා මෙන්ම දෙපා පැහැපත් කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.
ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article