
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය සඳහා යොදාගන්නා ලෙසත්, පැරණි මෙහෙයුම් පද්ධති තිබෙන WhatsApp භාවිතා කරන ජංගම දුරකථන තිබේනම් 2020 පෙබරවාරි මාසයට පෙර ඉහත සඳහන් මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථනයකට අවම වශයෙන් මාරු වන්නට යයි කියා WhatsApp FAQ මගින් දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ සංගමය සඳහන් කරනවා.
මේ අතර windows මෙහෙයුම් පද්ධතිවලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන සියල්ලටම තම සහය මේ වසර අවසාන වන විට windows මෙහෙයුම් පද්ධතියේ අවසානයත් සමඟම ලබා නොදීමට WhatsApp තීරණය කොට ඇතැයි එම සංගමයට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරනවා.
තවද ජුලි 01වනදායින් පසුව බොහෝ දුරට WhatsApp යෙදුම microsoft store වෙතින් ඉවත්කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ නිසා සියලුම ශ්‍රී ලාංකික වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහිත ජංගම දුරකථන භාවිතා කරන්නන් හට හැකි ඉක්මනින් IOS හෝ android මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වන ජංගම දුරකථනයක් කරා පියමනින්නට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දෙයි.
107 Views
130 Views
183 Views
190 Views
81 Views
149 Views
155 Views
174 Views
96 Views
127 Views
584 Views
264 Views
269 Views
57 Views
51 Views
39 Views
39 Views
35 Views