මුළු සිරුරම ලස්සන කරන විටමින් E
Monday, 24 June 2019 - 12:45 | Views - 9,658
නිසි ප්‍රමිතියෙන් හා උසස් තත්ත්වයෙන් යුතු විටමින් ඡ් කරල් භාවිතයෙන් ඔබේ සම, නියපොතු හා හිසකේ රැකගන්නේ කෙසේ දැයි අපි දැන් පියවර කිහිපයකින් හඳුනා ගනිමු. ඉහළම තත්ත්වයෙන් යුතු ප්‍රමිතිගත විටමින් E කරල් පිළිබඳව රස රහසක් මේ ලිපිය අවසානයේ ඔබට දැනගන්නට ලැබේවි.

හිසකෙස් වර්ධනයට

රත්කර ගත් ඔලිව් තෙල් හෝ පිරිසුදු පොල්තෙල් මේස හැඳි දෙකකට විටමින් E කරල් දෙකක දියරය මිශ්‍ර කර එය හිස් කබලේ ගල්වා හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 30කට පමණ පසු හොඳින් සෝදා හරින්න. ඉක්මන් හා ස්ථීර ප්‍රතිඵල සඳහා සතියකට කිහිප වරක් හිසට මෙම සත්කාරය කරන්න.

සමෙහි ලප කැළැල් ඉවත් කර ගැනීම

විටමින් කරලෙහි ඇති ද්‍රාවණය ලප හෝ කැළැල් මත හොඳින් ආලේප කර විනාඩි 5ක් පමණ සම්බාහනය කර පැය භාගයකට පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. දිනකට දෙවතාවක් මෙම ප්‍රතිකාරය කිරීමෙන් ඔබේ සමෙහි ලප කැළැල් ඉක්මනින් මැකී ඉතා හොඳ වර්ණයක් සහිත සමකට හිමිකම් කීමට හැකිවනු ඇත.

සමෙහි රැලි වැටීම අවම කර ගැනීමට සහ අවපැහැ ගැන්වීම වළක්වා ගැනීමට

පිරිසුදු එඬරු තෙල් මේස හැන්දකට විටමින් E කරල් දෙකක ද්‍රාවණය මුසුකර රාත්‍රි නින්දට පෙර සමෙහි රැලි සහ අවපැහැය ඇති ස්ථානවලට හොඳින් ආලේප කරන්න. පසුදා උදෑසන පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

රළු සහ වියළි දෑත්වල සම මෘදු කර ගැනීමට

ලෙමන් ගෙඩියක යුෂ, මී පැණි හැන්දක් හා විටමින් ඡ් කරල් දෙකක යුෂ සමඟ මිශ්‍ර කර විනාඩි පහක් පමණ දෑත් හොඳින් පොඟවා තබන්න.

තොල් පැලීම් වළක්වා ගැනීමට

විටමින් E කරලේ ඇති ද්‍රාවණය දිනපතා උදේ සවස දෙතොල් මත ආලේප කරන්න. එමඟින් තොල් පැළීම්, ඉරිතැලීම් වැළැකී අවපැහැ ගැන්වීමද වළකාලනු ඇත.

හිසකෙස් අග පැළීම වළක්වාලීමට

විටමින් E, පොල්තෙල් සහ ඔලිව් තෙල් එක සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍රකර හිසකෙස් අග ගල්වා හොඳින් පිරිමදින්න. පසුව මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top