කඳුළු වෙනුවට ලේ වලින් අඬන පුංචි දැරිවියකගේ ජිවිත කථාව..
Friday, 03 March 2017 - 12:36 | Views - 5,756
ඇයගේ නම ට්වින්කල්.. අවුරුදු 13 ක් වයසැති ඇය ජිවත් වන්නේ උතුරු ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයේ.
ඇය අවුරුදු දෙකක් පුරාවට භයානක වගේම හඳුනා නොගත් රෝගයකින් පිඩා විඳිනවා. ඒ තමයි ඇය අඬන විට ඇස වලින් කඳුළු වෙනුවට ලේ ගැලීම වගේම හිස් මුදුන , දෑත් හා කකුල් වලින් අසාමාන්‍ය විදිහට ලේ පිටවීම.
ඇයගේ අසල්වාසීන් සහ ඔවුන්ගේ ආගම් වල බැතිමතුන් ඇයට මෙම තත්වය ඇතිවෙන්නේ යම් දේව අනුහසක් හෝ අත්භූත බලවේගයක් නිසා යයි පවසා සිටියා.
තවත් පිරිසක් මතයක් ගොඩනැගුවා මෙම තත්වය අතීතයේ ක්‍රිස්තු තුමන් ව කුරුසයට තබා ඇණ ගසුවිට සිදුවූ තුවාල , ඒ ලේ ගැලීම් නැවත මතක් කිරීමක් ලෙසට.
නමුත් ඇයගේ පවුලේ අය එකතු වී මේ අසනීප තත්වයට හේතුව වගේම ප්‍රතිකර්මයක් බලාපොරොත්තුවෙන් මුළු රට පුරාම ඇයව රැගෙන ගිය නමුත් කිසිවෙකුටත් ඇයව මෙම තත්ත්වයෙන් මුදවාගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.
අවසානයේ ඔවුන්ට හමුවනවා එකම එක වෛද්‍යවරයකු , ඔවුන් කියන දේ විශ්වාස කරන වගේම මෙම තත්වයෙන් ට්වින්කල් ව හැබෑවටම මුදවාගන්න අවශ්‍ය කරන. ඇයව සනීප කරගන්න පුළුවන් වෙයිද?
Share This Article