මෙන්න මේ පානයෙන් බඩ අඩුවෙන විදිය දැක්කනම් අදහාගන්න බැරි වේවි
Sunday, 27 August 2017 - 16:41 | Views - 104,389

හැමෝටම තියෙන කරදරයක්නේ ඇගේ බර වැඩිවීම.
ක්‍රමවත් ආහාර ලබා ගැනීම සහ ව්‍යායාම මෙයින් මිදීමට ඇති හොදම සහ අනුමත කරන විදියයි. මේ ලිපියෙන් කියන්නේ එයට උදවුවෙන ගෙදරදීම හද ගන්න පුළුවන් ඇපල් සහ කුරුදු පානය ගැනයි. ලේසියෙන්ම හද ගන්න පුළුවන් වියදම් අඩු මෙම පානය පානය කරන ගමන් හොදින් ව්‍යායාම කරන්නත අමතක කරන්න එපා.
රුධිරයේ සීනි ස්ථාවර සහ හා කාබෝහයිඩ්රේට අඩු කිරීමට කුරුඳු වල ඇති ප්‍රති ඔක්සිකාරක ඛෙහෙවින් උදවු වෙනවා.
එය ශරීර බර අඩු කිරීමට අවශ්‍ය වන වැඩිපුර ඉන්සියුලින් ශ්‍රාවයවීමටද උත්තේජනයක් ලබා දෙනවා. විශේෂඥයන්ට අනුව කුරුදු භාවිතය ඉන්සියුලින් වහනය වීම මානව පාලනය කර මේදය දියකර දැමීමට සමත්වෙනවා.
පරීක්ෂණවලට අනුව දිනකට කුරුදු මේස හැදී බාගයක් භාවිතයෙන් අහිතකර කොලෙස්ටරෝල් ඇතිවීම අඩු කරනවා මෙන්ම එමගින් අජීර්ණය සහ අහිතකර මේදය නිපදවීම අඩු කරනවා.
ඇපල් සහ කුරුදු සංයෝගය පරිවෘතිය ක්‍රියා ක්‍රමවත් කර බර අඩු වීමට ක්‍රියාකාරීව දායක වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
ඇපල් ගෙඩි 1
කුරුඳු කැබැල්ලක් ( කුරුදු කුඩු තේ හැදී 1ක්)
උණු වතුර ලීටර 1.5 හෝ 2
සාදන ආකාරය..
ඇපල් ගෙඩිය හොදින් සෝදා කුඩා කැබලි වලට කපා ගන්න. කුරුදු එකතුකර එයට උණු කර නිවාගත් වතුර ද එකතු කරගන්න. මෙම මිශ්‍රණය පැය 1-2 පමණ වෙලාවක් තියෙන්නට හැර පෙරා පානය කරන්න. අවශ්‍ය නම් ශීතකරණයේ තබා ගෙන දවස ඇතුලත පානය කරන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article