වට්ටක්කාවලින් ලස්සන වෙන හැටි දැනගන්න කැමතිනම් මෙන්න කියවන්න
Thursday, 24 August 2017 - 16:26 | Views - 13,977
වට්ටක්කා කියන්නේ අප කවුරුත් ප්‍රියකරන එළවළු වර්ගයක්. වට්ටකාවල කැල්සියම්, යකඩ, ප්‍රෝටීන, පොස්පරස්, ප‍්‍රතිඔක්සිකාරක වැනි ගුණයන් අඩංගුවන අතර විටමින් C වැනි සමට හිතකර පෝෂ්‍ය පදාර්ථයන් ද අඩංගු වේ. මෙම ලිපියෙන් කියවෙන්නේ වට්ටක්කාවලින් ඔබගේ රූ සපුවේ සුන්දරත්වය වැඩිකර ගත හැකි ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

01. මුහුණේ අඳුරු ලප වලට ප‍්‍රතිකාර කරයි

වට්ටක්කා මඟින් සමේ සෛල ආරක්ෂා කර දේ. වට්ටක්කා වල ඇති beta carotine මඟින් අහිතකර UV කිරණයන්වලින් සම ආරක්ෂා කරයි.

02. කුරුළෑ සඳහා ප‍්‍රතිකාර කරයි

වට්ටක්කා වල අඩංගු නියසීන් මඟින් රුධිර සංසරණය ක‍්‍රමවත් කරන අතර එමඟින් කුරුළෑ ඇති වීම වළකා දේ. වට්ටක්කා ඇට වල ඇති සින්ක් මඟින්ද කුරුළෑ ඇති වීම වළක්වයි.

03. සමේ තෙතමනය රැක දේ

විටමින් B3 වලින් සපිරි වට්ටක්කා ඔබගේ වියළි සමේ තෙතමනය රැක දේ.

04. හිස කෙස් වැවීම වේගවත් කරයි

Omega 3 මේද අම්ලයෙන් හා සින්ක් වලින් සමන්විත වට්ටක්කා ඔබගේ හිසකෙස් වර්ධනය වේගවත් කරවයි.

05. Conditioner එකක්

වට්ටක්කා මදය ස්වල්පයක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ‍්‍ර කර හිසකෙස් වල ගල්වා මිනිත්තු කිහිපයත් තබා සෝදා හරින්න.

06. තෙල් සහිත සම රැක දේ

වට්ටක්කා වලින් සාදා ගත් පල්පයක් තෙල් සහිත මුහුණේ ආලේප කොට සමේ ඇති තෙල් ඉවත් කරගත හැකිය. මෙහි ඇති එන්සයිමයන් සමේ සෛල නිපදවීම වැඩි කරවයි.

07. වයසට යාම ප‍්‍රමාද කරවයි

වට්ටක්කා වල විටමින් C බහුල වේ. මෙමඟින් කොලැජන් නිපදවීම වැඩි කරමින් වයස්ගත වීමට එරෙහිව සටන් වදී.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top