ඔබත් දත් කැක්කුමින් පීඩා විඳිනවද? මෙන්න ප්‍රතිකර්ම 5ක්
Thursday, 02 March 2017 - 11:30 | Views - 8,233
දත් කැක්කුම කියන්නේ ගොඩක් අයට ඇතිවෙන ප්‍රශ්නයක්. දත් කැක්කුමක් හැදුනම තමන්ගේ සියලුම වැඩ ඇණ හිටින්න පුලුවන්. 

අපි කියන මේ ක්‍රම 5 තුළින් ඔබේ දත් කැක්කුමට සහනයක් ලැබේවි.

01. අයිස් කැට

අයිස් කැට කියන්නේ ලේසියෙන්ම හොයාගන්න පුලුවන් දෙයක්. අයිස් කැට කිහිපයක් අරන් වේදනාව දැනෙන ස්ථානයේ රඳවා ගත්තානම් දත් කැක්කුම ක්ෂණිකයෙන් අඩු වී යන ආකාරය ඔබටම දැනෙයි. නැතිනම් අයිස් කැට කිහිපයක් සිහින් රෙදි කැබැල්ලක ඔතා වේදනාව දැනෙන ස්ථානයේ කම්මුල මතු පිටින් සෙමින් අතුල්ලන්න.

මෙහිදී සිදු වන්නේ වේදනාවන් හා සම්බන්ධ ස්නායු අයිස් මගින් සිර කිරීමයි.

02. ලූණු

ලූණු ගෙඩියක් කියන්නෙත් අපිට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක්. දත් කැක්කුමක් ඇති වුන වේලාවක ලූණු ගෙඩියක් සැපීම හෝ ලූණු පෙත්තක් වේදනාව දැනෙන ස්ථානයේ තබාගෙන බලන්න වේදනාව ඉක්මණින් අඩු වේවි.

ලූණුවල ඇති විෂබීජ නාෂක ගුණය සහ ප්‍රතිජීවක ගුණය නිසා තමයි දත් කැක්කුම සමනය වෙන්නේ.

03. ඉඟුරු

දත් කැක්කුමක් සෑදුනු අවස්ථාවක ඉඟුරු කැබැල්ලක පොත්ත ඉවත් කර මුව තුළ රඳවාගෙන සපන්න. ඉක්මන් සහනයක් අවශ්‍ය නම් ඉඟුරු කෑල්ලක් තලා එම තලපය වේදනාව දැනෙන තැන තවරා ගන්න.

04. දෙහි

පහසුවෙන සොයා ගත හැකි දෙහි මගින් වේදනාව සමනය කරගන්නේ මෙහෙමයි. දෙහි කැබැල්ලක් ගෙන වේදනාව දැනෙන ස්ථානයේ අතුල්ලන්න. දෙහිවල තියෙන සිට්‍රික් ඇසිඩ් හා විටමින් සී දත්වලට සහ විදුරුමහට සහනයක් ලබාදෙනවා.

05. කරාබුනැටි

කරාබු නැටිවල තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණය නිසා දත් කැක්කුම සමනය කරගන්න පහසුයි. ඔබ කරන්න අවශ්‍ය වන්නේ වේදනාව දැනේන ස්ථානයේ කරාබු නැටි කිහිපයක් තැබීම පමණයි. නැතිනම් කරාබු නැටි තෙල් හා වතුර එකට කළවම් කර මුව සේදිමෙන් ද වේදනාව නැති කරගන්න පුලුවන්.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙනි -


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top