දන්ත රෝගවලින් පිඩා විදින ඔබට විශ්මිත ප්‍රතිකාර කිහිපයක්
Wednesday, 23 August 2017 - 14:51 | Views - 10,813
අප එදිනෙදා ජිවීතයේදී විවිධ දේ ආහාරයට ගැනීම සාමාන්‍ය දෙයක්. බොහෝවෙලාවට අප නිතරම සීනි අඩංගුවන චොකලට්, කේක්, ටොෆි, පැණි බීම වර්ග ආදිය ආහාරයට ගන්නවා. එමගින් මුඛය තුල තිබෙන තෙත් ස්වභාවය නොමැති වී මුඛය වියලිභාවයට පත්කරනවා. මෙම හේතු නිසා දන්ත රෝග ඇතිවීමට හේතු වෙනවා.

දන්ත සෞඛ්‍ය සංරක්ෂණය

දිනපතා උදෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මැදීම කළ යුතුය. දත් මැදිය යුත්තේ ඉහළට සහ පහළටය. හරහට දත් මැදීමෙන් දත් අතර රැඳී පවතින අපද්‍රව්‍ය නියම ලෙස ඉවත් නොවේ.

සීනි සහිත ආහාර ගැනීම සීමා කිරීම
අලූත් පළතුරු ආහාරයට ගැනීම
මානසික ආතතියෙන් තොරව ජීවත් වීම
ආමාශයේ ආම්ලිකතාවය වැඩි වී ඉහළට පැමිණෙන රෝගී තත්ත්ව සුව කර ගැනීම.

දන්ත රෝග සඳහා දේශීය ප්‍රතිකාර

දත් කැක්කුම

ගම්මිරිස් ඇට හෝ මුල් තම්බා මුඛය තුළ ස්වල්ප වේලාවවක් තබා සිටිය යුතුය.

සීනක්කාරං ජලයේ දියකර කට සෝදා එම ජලය ස්වල්ප වේලාවවක් මුඛය තුළ තබා සිටිය යුතුය.

දත් මුල් දිය වීමට

නුග පොතු
මාදං පොතු
බුළු
ඇහැල පොතු
අරළු
නෙල්ලි
තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

දැත්ත මුල්
පිල මුල්
කහට පුවක්
බෝඹු මුල්
මුණමල් පොත්
කුඹුක් පොතු
තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුල තබා සිට කට සේදීම

මුණමල් ගෙඩියක් කටින් හපා විනාඩි 10ක් පමණ මුඛය තුළ තබා සිටීම මුණමල් පොතු තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

ඉරිමේදාදි තෙල වීදුරු මස්වල ආලේපය

දත් සවි වීමට

ඔළිඳ කොළ ස්වල්පයක් කටින් හැපීම. (කෙල ගිලීමෙන් වැලකිය යුතුය)

අරළු ගෙඩි තලා කබලක බැද එම අගුරු වලින් දත් මැදීම

මුණමල් පොතු, නුග පොතු, කීකිරිදිය, රත් මල් පොතු, නික, කිරි අගුණ කොළ, සත කුප්ප, රුක් මල් තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

තල තෙල් වීදුරු මස්වල ආලේප කර විනාඩි 20ට පසු සෝදා ඉවත් කිරීම

මුණ මල් පොතු ස්වල්පයක් කටින් සැපීම

මුණමල් පොතු තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

දත් හිරිවැටීමට

තල තෙල් රත් කර වීදුරු මස්වල ආලේප කර විනාඩි 20ට පසුව සෝදා ඉවත් කිරිම

තල තෙල්වලින් කට සේදීම

මඳ උණුසුම් ජලයට ලූණු දියකර නිතර කට සේදීම

මුඛයෙහි දුර්ගන්දයට

අරළු තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළතබා සිට කට සේදීම

කරුංගා පුවක් තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

මුණමල් පොතු තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

තැඹිලි පොල් මල්
කුඹුක් මුල්
අරළු
නෙල්ලි
ගිරිතිල්ල මුල්
කටු කරඩු මුල්
බුළු
තල මුල්
තම්බා ගත් ජලය ස්වල්ප වේලාවක් මුඛය තුළ තබා සිට කට සේදීම

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top